mediahumanrights.lk
Local News News Political

හෙට පැවැත්වෙන කැබිනට් රැස්වීම නෑ

හෙට දිනට නියමිත කැබිනට් රැස්වීම නොපැවැත්වෙන බව වාර්තා වනවා. ඊට එක් හේතුවක් වන්නේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ වනවිට දිවයිනේ රැඳී නොසිටීමයි.
එමෙන්ම ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උළෙල හේතුවෙන් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු කාර්ය බහුල වීම ද මෙලෙස කැබිනට් රැස්වීම අවලංගු කිරීමට හේතු වී තිබෙනවා.
නියමිත පරිදි කැබිනට් රැස්වීම ලබන සතියේ පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
කෙසේ වෙතත් ඊට පෙර කැබිනට් සංශෝධනයක් සිදු වනු ඇති බවට ද දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
එසේ වුවහොත් නව කැබිනට් මණ්ඩලයේ පළමු රැස්වීම පැවැත්වෙන්නේ ලබන 23 වන අඟහරුවාදායි.
(under the courtesy of nethfm news web)

Related posts

ගුරුවරුන් බිහි කිරීමට අලුත් විශ්වවිද්‍යාලයක්…

Shiran Viraj

සජිත් ඉන්නේ ගෝටාට වඩා ලක්‍ෂ 15ක් (11%) පසුපසින්..- හරීන්

Shiran Viraj

සජිත් අතැර චම්පික ස්වාධීන වෙයි.. රනිල්ට සහාය..

Shiran Viraj