26.6 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

හර්ෂණ ආචාර්ය කලාට ලොක්කෙක් CID කැදවයි…

අධිකරණ ඇමැති හර්ෂන නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවිය සඳහන් කිරීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව පාර්ලිමේන්තුවේ සභා ලේඛන කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂවරයා අද රහස් පොලිසිය හමුවට කැඳවා තිබේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඔහුගෙන් මෙහිදී ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිතව තිබේ.

සභා නායක කාර්යාලයේ හා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ ප්‍රධානීන්ගෙන්ද මේ පිළිබඳව ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇත.

තම නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සටහන් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පරපවත්වා වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස අධිකරණ අමාත්‍යවරයා පසුගියදා සිදු කරන ලද පැමිණිල්ලක් මත මෙම පරීක්ෂණ ක්‍රියාත්මකය.

Related posts

පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට..

Shiran Viraj

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අවදානම් තත්ත්වයක් දෙසට

Shiran Viraj

උඩරට සහ පහතරට එලවළු මිල යලිත් ඉහලට…

Shiran Viraj
Translate »