mediahumanrights.lk
Local News News

සවස් කාලයේ කුඹුරු වැඩ එපා කියා දැනුම් දෙයි..

සවස් කාලයේ එළිමහනේ රැදීසිටීමෙන් හැකිතාක් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පවතින දරුණු අකුණු සහිත කාලගුණ තත්ත්වය ඊට හේතුවයි.

විශේෂයෙන් මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ගොවීන් කුඹුරු අස්වැද්දීමේ කටයුතු වල නිරත වෙයි.

සවස් කාලයේ පවතින අකුණු සහිත කාලගුණ තත්ත්වය එවැනි කටයුතු සඳහා කිසිසේත් සුදුසු නොවන බව එම මධ්‍යස්ථානය පවසයි.

අකුණු සහිත අවස්ථා වල නිවෙස් වල විවිධ විදුලි උපකරණ විදුලි පේනු සඳහා සම්බන්ධ කර තිබීමෙන් හැකිතාක් වැලකිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.

Related posts

තවත් ප‍්‍රදේශ ගණනක් ලොක්ඩවුන්… ලයිස්තුව මෙන්න…

Shiran Viraj

වැලිකඩ සිරදඩුවම් විඳ නිදහස ලැබූ 62ක් ගැන විශේෂ අවධානය

Shiran Viraj

සුවය ලැබු ආසාදිතයින් ගණන 260 ක් දක්වා ඉහළට

Shiran Viraj