2026-09-15
mediahumanrights.lk
Local NewsNews

සවස් කාලයේ කුඹුරු වැඩ එපා කියා දැනුම් දෙයි..

සවස් කාලයේ එළිමහනේ රැදීසිටීමෙන් හැකිතාක් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පවතින දරුණු අකුණු සහිත කාලගුණ තත්ත්වය ඊට හේතුවයි.

විශේෂයෙන් මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ගොවීන් කුඹුරු අස්වැද්දීමේ කටයුතු වල නිරත වෙයි.

සවස් කාලයේ පවතින අකුණු සහිත කාලගුණ තත්ත්වය එවැනි කටයුතු සඳහා කිසිසේත් සුදුසු නොවන බව එම මධ්‍යස්ථානය පවසයි.

අකුණු සහිත අවස්ථා වල නිවෙස් වල විවිධ විදුලි උපකරණ විදුලි පේනු සඳහා සම්බන්ධ කර තිබීමෙන් හැකිතාක් වැලකිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.

Related posts

කෝටි ගාණක් වියදම් කරපු නෙළුම් කුළුණ ලක්ෂ 38කට සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාරට

Shiran Viraj

කසල කන්දෙන් විපතට පත්වූවන් වෙනුවෙන් මැතිව්ස් තැබූ ට්විටර් සටහන

Shiran Viraj

රටපුරා සන්නද්ධ හමුදා කැඳවයි.. ජනපතිගෙන් නියෝගයක්…

Shiran Viraj
Translate »