28.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
Local NewsNews

හලාවත මුහුදේ ඡායාරූප ගනිමින් සිටි කාන්තාවන් 4 දෙනෙකු රළ පහරට හසුවේ

හලාවත මුහුදු වෙරළේ රළ පාගමින් සිටි කාන්තාවන් 4 දෙනෙකු ඊයේ සන්ධ්‍යාවේ ප්‍රචණ්ඩ රළ පහරකට හසුව ගසාගෙන ගොස් තිබෙනවා.
ඔවුන් මුහුදු වෙරළට පිටුපා ඡායාරූප ගනිමින් සිටි බවයි වාර්තා වන්නේ.
එක් වරම පැමිණි රළ පහරින් ඔවුන් හතර දෙනාම ගසාගෙන ගොස් ඇති අතර, පසුව ඉන් තුන් දෙනෙකු බේරා ගැනීමට හැකි වුණා.
එහෙත් 21 හැවිරිදි තරුණියක් තවමත් අතුරුදන් වී සිටිනවා.
මොවුන් හලාවත – ඉලිප්පදෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.
අතුරුදන් වූ තරුණිය සොයා පොලීසිය, කල්පිටිය නාවික හමුදා නිලධාරීන් හා ප්‍රදේශවාසීන් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

Related posts

බස්නාහිර, දකුණ සහ සබරගමුවේ වසා දැමුණු පාසල් අද විවෘතයි

Shiran Viraj

මෙවර කොරෝනා හැදුනොත් මරණය නියතයි..

Shiran Viraj

මෛත‍්‍රීගේ යාපන රැළියට ජන ගගක්.. අලුත් ගමනක් ඇරඹූ බව කියයි..

Shiran Viraj
Translate »