mediahumanrights.lk
BusinessBusiness NewsNews

EPF පොලිය සාමාන්‍ය ජනයාට 9%යි.. මහ බැංකු සේවකයන්ට 29%යි.

සාමාන්‍ය ජනතාවගේ සේවක අර්ථසාධක අරමුදල වෙනුවෙන් සියයට 9ක පොලි අනුපාතයක් ගෙවීමත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයන්ගේ සේවක අර්ථසාධක අරමුදල වෙනුවෙන් සියයට 29ක පොලී අනුපාතයක් ගෙවීමත් සම්බන්ධයෙන් අගෝස්තු 30 වැනිදා අධිකරණය හමුවේ හේතු පැහැදිලි කරන ලෙසට නියෝග කරමින් ජනාධිපති ලේ ලේකම් සමන් ඒකනායක මහතාට නොතීසි යවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර ඇති පෙත්සමේ පෙත්සම්කාර පාර්ශ්වයට මෙම නොතීසිය ජනාධිපති ලේකම්වරයාට බාර දෙන ලෙස ද නියෝග කෙරිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

මේ සම්බන්ධයෙන් සීමිත විරෝධතා ඇතොත් පාර්ශ්වකරුවන්ට ගොනුකරන ලෙස නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය සති දෙකක් ඇතුළත ප්‍රතිවිරෝධතා ඇතොත් ගොනුකරන ලෙස ද නියෝග කළේය.

මෙම පෙත්සම් කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු 30 වැනිදා කැඳවන ලෙස ද නියෝග කෙරිණි.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

– රන්ජන් කටුගම්පොළ

Related posts

රජයේ ඡන්ද පදනම සීඝ්‍රයෙන් පහත වැටී ඇති බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි

Shiran Viraj

සියළුම පුද්ගලික බස් රථ ධාවනයෙන් ඉවතට…

Shiran Viraj

නොරොච්චෝල යලි බිද වැටේ…

Shiran Viraj
Translate »