27.8 C
Colombo
2026-08-20
mediahumanrights.lk
Local NewsNews

ඉන්දීය ධීවරයින්ට එරෙහිව යාපනය මුහුදේදී කලුකොඩි විරෝධතා…

ඉන්දීය ධීවරයින් උථුරු මුහුදු සීමාවන්ට ඇතුල් වී නීතිවිරෝධීව මසුන් ඇල්ලීම සහ ඉන්දීය ට්‍රොලර් යාත්‍රා මගින් උතුරු ධීවරයින්ගේ දැල් ආම්පන් විනාශ කිරීම ආදි කරුණු කිහිපයකට විරෝධය පාමින් යාපනයේ ධීවරයින් යාපනය මුහුදේ විරෝධතාවක නිරත වූහ.

යාපනය වේලනෙයි සහ මණ්ඩතිවු ප්‍රදේශයන්හි ධීවරයින් ඒම මුහුදු සීමාවන්ට සිය ධීවර යාත්‍රා රැගෙන ගොස් ඉන්දීය ධීවරයින්ට එරෙහිව කලුකොඩි ඔසවමින් විරෝධතාවක නිරත වූහ.

මෙම විරෝධතාවය හේතුවෙන් ඊයේ දින යාපනයේ ධීවරයින් බහුතරයක් සිය ධීවර කටුයුතු වලින් ඉවත්ව විරෝධතාවය වෙනුවෙන් සහය දැක්වීමද විශේෂත්වයක් විය.

විරෝධතාවයට එක් වූ යාපනයේ ධීවර සංගම් නියෝජිතයින් කියා සිටියේ,

‘මේ වන විට ඉන්දීය ධීවරයින් විසින් ඔවුන්ගේ ට්ට්‍රොලර් යාත්‍රාවලින් උතුරු මුහුදු සීමාවන්ට අනවසරයෙන් පැමිණ උතුරේ ධීවරයින්ගේ දැල් ආම්පන්න විශාල ප්‍රමාණයක් විනාශකරලා ඒ වගේම ධීවරයින්ටත් හිරිහැර කිරීම් හා පහරදීම් සිදුකර ඇති බවටත් මේ දක්වා රජයෙන් හෝ කිසිදු පාර්සවයකින් විපතට පත් ධීවරයින් වන්දියක් හෝ අධාරයක් නොලැබීමෙන් එම ධීවරයින් දැඩි අසරණතාවයකට පත්ව සිටින බවත්ය.

එමෙන්ම ඉන්දීය ධීවරයින් විසින් උතුරු මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමෙන් උතුරේ ධීවරයින්ට මත්ස්‍ය සම්පත අහිමි වීමෙන් එම ධීවරයින්ට මෙනම රටටද දැඩි අසාධාරණයක් වීම හේතුවෙන් වහාම රජය මේ පිළිබඳව අවධානය යොමු කෙට විසඳුමක් ගත යුතු බවට විරෝධතාවයේ නිරත උතුරේ ධීවරයින් වැඩිදුරටත් පැසූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

20 අලුතින් ගැසට් වෙයි

Shiran Viraj

දුම්රිය වැඩවර්ජනය සම්බන්ධ තීරණාත්මක සාකච්ඡාවක් අද

Shiran Viraj

අග්‍රාමාත්‍ය ආර්යාවගේ මග පෙන්වීමෙන් අරලියගහ මන්දිර පිවිසුමේ පිහිටි බෝධීන් වහන්සේට බුදු මැදුරක්…

Shiran Viraj
Translate »