mediahumanrights.lk
News Political

බැසිල් ඇමරිකාවෙන් එයි.. අගමැති කරන්න කටුනායක සිට පෙලපාලියකින් කැදවාගෙන එයි..

ඉදිරියේදී පැවත්වන පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අග්‍රාමාත්‍ය අපේක්ෂක ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් වීමට බොහෝ ඉඩ ඇති බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග විරතුංග මහතා පවසයි.

පාර්ලිමේන්තු මැතිවරණය මෙහෙවීම ඉලක්ක කරගනිමින් බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි දින කිහිපයේ ඇමරිකාවේ සිට මෙරටට පැමිණෙන බවත් ඔහු ගුවන් තොටේදී පිළිගෙන රථ පෙළපාලියකින් කැඳවාගෙන එන බවත් හෙතෙම සඳහන් කළේය.

ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙනු ඇති බවද තමන් දැඩිව විශ්වාස කරන බවත් හෙතෙම කියා සිටී.

ඔහු මෙම අදහස් පළ කළේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

Related posts

‘ෆොනී’ ඉතා චණ්ඩ සුළි කුණාටුවක් වෙයි..අනතුරු ඇගවීම් නිකුත් කෙරේ

Shiran Viraj

IPL වෙන්දේසියේ දී ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් රැසකට කෝටි ගණනින් ලංසු

Shiran Viraj

සයිටම් ගැටලූව විසදීමට තීන්දු රැසක් ගෙන තිබියදී වර්ජනය කිරීම කණගාටුවට කරුණක් – ජනපති කියයි

Shiran Viraj