25 C
Colombo
2026-02-11
mediahumanrights.lk
Local NewsNews

උෂ්නත්වය ඉහලට.. එලිමහනේ සේවය කරන්නන්ට සෞඛ්‍ය උපදෙස්…

පවතින උෂ්ණාධික කාලගුණය පිළිබඳව එළිමහනේ රාජකාරි කටයුතු සිදුකරන කණ්ඩායම් වඩාත් සැලකිලිමත් විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පාරිසරික සහ වෘත්තීය සෞඛ්‍ය අංශයේ විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර මහත්මිය පැවසූවාය.

ඒ අනුව පෙරවරු 11.00 සිට පස්වරු 02.30 දක්වා කාලය අවධානම් කාලසීමාව ලෙස හැඳින්විය හැකිය.

ඒ හේතුවෙන් ඉදිකිරීම් කර්මාන්තයේ නියැලෙන පුද්ගලයන් ,එළිමහනේ වෙළදාම් කරන පුද්ගලයන් ,කම්කරුවන් ,ආරක්ෂක අංශයේ නිලධාරීන් මේ පිළිබඳව සැලකිලිමත් විය යුතුය.

එවැනි පුද්ගලයන් හැකිතාක් හිරු එළියට නිරාවරණය වීමෙන් වැලකී සිටීමට අවශ්‍ය පියවර ගැනීම ඉතා වැදගත් වෙයි.

ඊට අමතරව එම කාලය මඟහරවා වැඩමුර සකස් කර ගැනීම ඉතා වැදගත් බව එහිදී පැවසුවාය.
එවැනි රැකියා කරන පුද්ගලයන් ලා පැහැති ඇදුම් ඇදීම සහ හැකිතාක් ජලය ඇතුළු ස්වාබාවික දියර පානය කිරීම ඉතා වැදගත් බව වැඩිදුරටත් පැවසුවාය.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්තේ මට වකුගඩුවක් බද්ද කරන්නයි.. වරදක් නම් මා එල්ලා මරන්න..

Shiran Viraj

පැය 10-15 විදුලි කප්පාදුවක්..

Shiran Viraj

ඉතාලියේ භූ කම්පනයකින් අයෙක් මරුට – 9ක් අතුරුදන්

Shiran Viraj
Translate »