mediahumanrights.lk
Local NewsNews

වාහන පවරා නොගෙන භාවිතා කරන්නන්ට දඩ…

වාහන මිලට ගෙන තමන්ගේ නමට ලියාපදිංචි නොකර භාවිතා කරන පුද්ලයන්ගෙන් දඩ මුදලක් අය කිරීමට කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා සඳහන් කරයි.

ඒ අනුව වාහනයක් මිලදීගෙන දින 14 ක් එකත් ඇතුළත ලියාපදිංචි කළ යුතු බවත් ඉන් අනතුරුව සෑම දිනයක් සඳහාම රුපියල් සියයක දඩ මුදලක් අය කරන බවත් හෙතෙම පැවසීය.

මාර්ග නීති කඩ කරන රියදුරන් මාර්ගවල ස්ථාපිත කැමරා පද්ධති හරහා හදුනාගෙන දඩ පැනවීමේදී වාහන ලියාපදිංචි පුද්ගලයාට දඩ නියම වන බවද පැවසූ ඔහු ඒ යටතේ පැවරීම් කර නැති වාහන විශාල ප්‍රමාණයක් හඳුනා ගැනීමට හැකි වනු ඇතැයි ද කියා සිටියේය.

Related posts

පොහොට්ටු බහුතරය ස්ථිරයි.. මීලග ජනාධිපති රනිල්..

Shiran Viraj

මාර්ග තදබදයට විසඳුම් දෙන අලුත් නීති එන මාර්ග මෙන්න

Shiran Viraj

චීනයෙන් රුපියල් මිලියන 400ක ආධාර

Shiran Viraj
Translate »