mediahumanrights.lk
Business Business News News

අලුත් වාහන නැතිව ජනතාව අසීරුවේ.. ඩොලර් තියන නිසා වාහන ගේමු..- ආනයනකරුවන්

මෙවර අයවැයෙන් වාහන ආනයනය කිරීමට කිසිදු සහනයක් නොලැබුණු බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

අද වන විට ඩොලර් සංචිත යම් ප්‍රමාණයකින් ඉහළ යාමත් සමග වාහන අානයනයට පහසුකම් සලසන ලෙස අවස්ථා ගණනකදී ඉල්ලීම් කරනු ලද බව සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා පැවසීය.

ඒ අනුව අයවැයෙන් වාහන ආනයන තහනම ලිහිල් කරනු ඇතැයි අපේක්ෂා කළත් කිසිදු සහනයක් හිමි නොවූ බවද ඔහු පැවසීය.

වසර හතරකින් මෙරටට වාහන ආනයනය කර නැතිවීමෙන් පාරිභෝගිකයන් මෙන්ම ආනයනකරුවන්ද දැඩි දුෂ්කරතාවයට මුහුණ පා ඇතැයි ද ඔහු සදහන් කරයි.

ලක්ෂ හතරකට අධික පිරිසකට මේ හේතුවෙන් රැකියා අහිමි වී ඇති බවත් පැවසූ ඔහු අයවැයෙන් පසුව හෝ සීමා සහිත වාහන යම් ප්‍රමාණයක් හෝ ගෙන්වීමට අවසර දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද කියා සිටියේය.

Related posts

19 සංශෝධනය අලුත් පාර්ලිමේන්තුවෙන් අහෝසියි..

Shiran Viraj

ක්ෂය රෝග මර්ධන ව්‍යාපාරය සතු PCR යන්ත්‍ර 36 ක් කොවිඩ් – 19 මර්ධනයට යොදා ගන්නේ නැහැ – රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය

Shiran Viraj

Amarican Voice මධ්‍යස්ථානය ඉක්මනින්ම COVID-19 ප්‍රතිකාර රෝහලක් බවට

Shiran Viraj