27.8 C
Colombo
2026-09-02
mediahumanrights.lk
Local NewsNews

පැය 2ක් තුළ නිකුත් නොකරන රුධිර පරීක්ෂණ වාර්තා ප්‍රතිකාර කිරීමට වලංගු නෑ

ඩෙංගු රෝගීන්ට පෞද්ගලික රෝහල්වලින් පැය 02ක් ඇතුළත නිකුත් නොකරන පූර්ණ රුධිර පරීක්ෂණ වාර්තා ප්‍රතිකාර කිරීම සඳහා වලංගු නොවන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ඇතැම් පෞද්ගලික රෝහල් පුර්ණ රුධිර පරීක්ෂණ වාර්තා නිකුත් කිරීමට පැය 02ට වැඩි කාලයක් ගන්නා අතර මේ හේතුවෙන් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම ප්‍රමාදවන බවට වෛද්‍යවරුන්ගෙන් පැමිණිලි ලැබී ඇති බව අමාත්‍යවරයා පවසයි.
ඒ අනුව පෞද්ගලික රෝහල්වලින් පූර්ණ රුධිර පරීක්ෂණ වාර්තා පැය දෙකකට පෙර නොලැබෙන්නේ නම් රජයේ රෝහලකට පැමිණ නොමිලේ පරීක්ෂණ කටයුතු සිදු කර ගන්නා ලෙස අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
රජයේ රෝහල්වල පැයක් තුළ පුර්ණ  රුධිර පරීක්ෂණ වාර්තා ලබා දෙන බව අමාත්‍යවරයා පවසයි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ අද පැවති ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමකට එක්වෙමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
ඩෙංගු මර්දන වැඩසටහන් පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර දිවයින පුරා සියලුම පාසල්වල හා රාජ්‍ය ආයතනවල ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමුව තිබේ.
රාජිත සේනාරත්න අමාත්‍යවරයා, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සමඟ දුරකථනයෙන් සිදු කළ සාකච්ඡාවකට අනුව ලබන සිකුරාදා  දිනයේ සියලුම පාසල්වලට නිවාඩු ලබාදී පාසල් පිරිසිදු කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද තීරණය වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

ඓතිහාසික දෙවනගල භාරකාරත්වය මැදිරිගිරියේ පුණ්‍යසාර හිමි වෙත

Shiran Viraj

තැපැල වර්ජනය කලත් අපි වැඩ – මැතිවරණ කොමිසම කියයි

Shiran Viraj

කිරිපිටි මිල අඩුකලත් මේක නියම ක්‍රමය නොවෙයි..

Shiran Viraj
Translate »