26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

මිහින්තලේ විදුලිය කපයි.. නොගෙවූ බිල 41 ලක්‍ෂයයි.. මිහින්තලා හිමි මාධ්‍ය කැදවා සුමධුර දම් දෙසුමක..

ලංකා විදුලි බල මණ්ඩලය විසින් අද දහවල් කාලයේ මිහින්තලා පූජා භූමියේ විදුලිය සැපයුම විසන්ධි කර තිබේ.

මිහින්තලා රජ මහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුන වැවේ ධම්මරතන හිමියෝ සඳහන් කරන්නේ තමන් වහන්සේ සෘජුව කතා කරන නිසා දේශපාලනඥයන් තමන්ගේ ආසන බේරා ගැනීම සඳහා සාසනයෙන් පලිගන්නා බවයි.

මේ වන විටත් විහාරස්ථානයෙන් මිහිඳු සෑය ඉදිකිරීම වැනි සංවර්ධන වැඩ රාශියක් සිදු වෙමින් පවතින මොහොතක විදුලිය විසන්ධි කිරීම සිදු කළ බවද උන්වහන්සේ පැවසූහ.

එම තත්ත්වය මත ඉදිරියේදී පූජා භූමිය පුරා ජලය නොමැති ජලය නොමැතිව යන ඇති බව පැවසූ උන්වහන්සේ මේ හේතුවෙන් පුරාවිද්‍යා ස්මාරක ඇතුළු පිහිටි අක්කර දහසකට වැඩි ප්‍රමාණයක් අද සිට අඳුරේ පවතිනු ඇති බවද කියා සිටියහ.

අද සිට මිහින්තලා වන්දනාව පැමිණෙන බැතිමතුන් කුමන හෝ ආලෝකයක් රැගෙන වන්දනාවේ පැමිණිය යුතු වුව වනු ඇති බවද උන්වහන්සේ තවදුරටත් කියා සිටියහ.

මේ අවස්ථාවේ 41 ලක්‍ෂයක විදුලි බිලක් ගෙවීමට ක්‍රමයක් නැති බවත් පැවැසූ උන්වහන්සේ සූර්ය පැනල සවිකර දෙන ලෙසත් ඉල්ලා සිටි අතර ඉන් පසුව විදුලි අවශ්‍යතාවක් ඇති නොවන බවද අද මාධ්‍ය කැදවා පැවසූහ.

Related posts

මවු­පිය ආශී­ර්වා­දය ලැබෙ­න­වා නම් යෝජිත විවා­හය නරක නෑ ජන­ප්‍රිය රංගන ශිල්පිනී විනූ සිරි­ව­ර්ධන

Shiran Viraj

ගං වතුරින් ඉන්දියාවේ 185 ක් මරුට

Shiran Viraj

නීතිපති දෙපාර්තමේන්තුව දින නියමයක් නැතිව වසා දැමේ.. නිලධාරිනියකට කොරෝනා..

Shiran Viraj
Translate »