30 C
Colombo
2026-09-28
mediahumanrights.lk
Local NewsNews

පාසල් ඉදිරිපිට විරෝධතා කරන්න එපා.. ඒවා පාලනය කරනකොට දෙමවුපියන්ට වේදනායි..

පාසල් ඉදිරිපිට සිදුකරන අරගල පාලනය කරන්න ගන්නා ක්‍රියාමාර්ග නිසා දෙමාපියන්ට වේදනාවක් දැනෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා අද (10) පාර්ලිමේන්තුවේදී පැවසීය.

එබැවින් පාසල් ඉදිරිපිට අරගල නොකරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (10) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට පිලිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී අමාත්‍යවරයා හා විපක්ෂනායකවරයා අතර මෙවන් සංවාදයක් ඇතිවිය.

විපක්ෂනායක, සජිත් ප්‍රේමදාස (ස.ජ.බ) – ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඇමතිතුමා පාසල් දරුවන් ගැන, දරුවන්ගේ අනාගතය ගැන කතා කරනවා. රාජ්‍ය භීෂණයතුළ විශ්ව විද්‍යාල සිසු පරපුරට විශාල හානියක් සිදුවුණා. රාජකීය විද්‍යාලයේ සිසුන්ටත් කඳුළු ගෑස් වැදිල තියෙනවා.පාසල් සිසුන්ටත් මෙහෙම වෙනකොට අධ්‍යාපන ඇමතිවරයා ගන්න තීන්දුව මොකද්ද?

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.පො.පෙ) – ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙතුමා ඊයෙත් කතාකළා. ඔබතුමන්ලා පාසල්ගාව අරගල නොකර ඉන්න. දෙමව්පියෝ ළමයින්ව පාසල් යවන්නේ උගන්වන්න. පාසල් ඉස්සරහ කරන අරගල පාලනය කරනකොට දෙමාපියන්ටත් වේදනාවක් දැනෙනවා. දරුවෝ ඉන්න දෙමාපියන්ට වේදනාවක් දැනෙනවා.

විපක්ෂනායක, සජිත් ප්‍රේමදාස (ස.ජ.බ) – ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීම කියන හේතුව මුදුන්පත් කරගෙන මේ රටේ අධිකරණයට ඇඟිලි ගැසීම වැනි වැඩ සටහන් මේ පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක කරන්න බැහැ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ චිත්‍රය අධිකරණය, ව්‍යවස්ථාදායකය හා විධායකයයි. (බාධාකිරීම්)

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.පො.පෙ) – ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙතුමා උදේ පාන්දර පාර්ලිමේන්තුවට ඇවිල්ල බණ කියනවා. එකවෙලාවකට කියනව බෙහෙත් නැහැ කියල, තව වෙලාවකට තව එකක් කියනවා. විපක්ෂයට ඕන විදියට පාර්ලිමේන්තුව කරන්න දෙන්න එපා.

– ප්‍රදීප් අනුර කුමාර

Related posts

අලුත් අගමැති යෝජනා කෙරේ…

Shiran Viraj

ඇමති පිරිසක් ඉල්ලා අස්වන බව කියයි.. නැත්තන් පන්නනවා..

Shiran Viraj

ඡන්ද ප‍්‍රතිඵලය ජනතාව පෙට්ටියට දැමූ ඒවා තමයි.. පෙට්ටි මාරු කරලත් නෑ.. ජිල්මාට් නෑ.. පාර්ලිමේන්තුවෙන් එලියේ සටන් කරනවා..

Shiran Viraj
Translate »