27.7 C
Colombo
2026-08-18
mediahumanrights.lk
NewsPolitical

මුදල් දෙන්න මගේ බලය මදි.. ජනාධිපතිගේ අනුමැතියට යොමු කලා..- මුදල් ලේකම් මැ.කො.ට දන්වයි..

මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් නිදහස් කරන ලෙස මැතිවරණ කොමිසම විසින් මුදල් අමාත්‍යාංශය වෙත යොමු කරන ලද ලිපිය අනුමැතිය ඉල්ලා මුදල් අමාත්‍යවරයාට යොමු කර තිබේ.

මැතිවරණ කොමිසම විසින් පසුගිය 7 වැනිදා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කරන ලද ලිපියට පිළිතුරු ලිපියක් යවමින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මේ බව සඳහන් කර තිබේ.

පවතින තත්වය යටතේ මැතිවරණයකට මුදල් නිදහස් කිරීමට තම අනුමැතිය ප්‍රමාණවත් නැතැයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම් දී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම මුදල නුදුරේම මැතිවරණ කොමිසමට ලැබුණු ඇතැයි විශ්වාසය පළ කරන බවද සභාපතිවරයා සඳහන් කළේය.

පසුගිය අයවැය මගින් පළාත් පාලන මැතිවරණයට වෙන්කල මුදල් රඳවා තබා ගැනීමෙන් වලකින්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා හා මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් නීතිපතිවරයාට අතුරු තහනම් නියෝගයක් කර තිබූ අතර මෙම ලිපිය යොමු කර ඇත්තේ ඒ අනුවයි.

පවතින තත්ත්වය මත මුදල් අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා ගේ අනුමැතිය මේ සඳහා බලාපොරොත්තු වන බව මුදල් ලේකම්වරයා කොසිමසට ඒ අනුය දැනුම් දී ඇත.

Related posts

කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් දැඩි තීරණයක්

Shiran Viraj

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනයට පුද්ගලයන් මෙහෙයවූ නායකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව සාගර කාරියවසම් පවසයි

Shiran Viraj

හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මයකට ලක් වූ තරුණියක් මරුට

Shiran Viraj
Translate »