29.5 C
Colombo
2026-10-05
mediahumanrights.lk
Local NewsNewsPolitical

ජපන් විශේෂඥ කණ්ඩායමේ වාර්තාව ජනපතිට බාරදෙයි

මීතොටමුල්ල කසළ කන්ද ඛේදවාචකයට හේතු වූ කරුණු සහ එවැන්නක් යළිත් සිදුවීම වැළැක්වීමට ගත හැකි පියවර නිර්දේශ කිරීම සඳහා පැමිණි ජපාන විශේෂඥ කණ්ඩායම සිය වාර්තාව අද (24) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත බාර දී තිබේ.
නියෝජිත පිරිසේ ප‍්‍රධානියා වන Mitsutake Numahata මහතා විසින් එම වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීමෙන් පසු සිය නිර්දේශ පිළිබඳ පැහැදිළි කිරීමක් ද සිදු කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
මෙම ගැටළුව විසඳීම සඳහා කෙටිකාලීන පියවර වශයෙන් කසළ කන්දේ පදනම සවිමත් කර පොලිතින්වලින් වසා දැමීම සහ ඉදිරි වාර්ෂා කාලයට පෙර කසළ කන්දේ පිහිටීම කන්දක හැඩයට නිර්මාණය කර ගුරුත්වාකර්ෂණයට අනුකූල ලෙස සම්පාදනය කිරීම පෙන්වා  දී තිබේ.
කසළ කන්දේ ප‍්‍රමාණය ක‍්‍රමයෙන් අවම කර ප‍්‍රතිචකී‍්‍රකරණය, බලශක්ති උත්පාදනය සහ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා උපයෝගි කර ගැනීම දීර්ඝකාලීන නිර්දේශ ලෙස ඉදිරිපත් කරනු ලැබීය.
මෙම ඛේදවාචකය සිදුවී ඉතා කෙටි කාලයක් තුළ මෙරටට පැමිණ පුළුල් අධ්‍යයනයක් සිදුකර වාර්තාවක් බාරදීම පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා නියෝජිත පිරිස වෙතත්, ජපාන රජය වෙතත් සිය ස්තූතිය පිරිනමා ඇති බවද ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
මෙහිදී අදහස් දැක්වූ ජපාන නියෝජිත පිරිසේ ප‍්‍රධානිය පෙන්වා දුන්නේ 1960 දී ජපන් ජනතාවද කසළ කඳු පිළිබද විරෝධය පළකිරීමත් සමඟ එම ගැටළුව නිරාකරණය කර ගැනීමට ගත් පියවර සම්බන්ධයෙන් ජපානය සතු මහඟු අත්දැකීම් ශී‍්‍ර ලංකාවට ද වැදගත් වනු ඇති බවය.
මානූෂිය ඛේදවාචකයක් වූ මීතොටමුල්ල සිදුවීම දේශපාලන ප‍්‍රශ්නයක් බවට පත් කරගෙන තිබෙන බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.
ශී‍්‍ර ලංකාවේ කසළ ගැටළුව විසඳීමට ජපන් රජයේ සහය අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා පැවසීය.

(under the courtesy of adaderana news web)

Related posts

සම්බා සහ කීරි සම්බා වී මිල දී ගැනීමේ අවම මිල ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Shiran Viraj

යලිත් ඉන්ධන හිගයක්.. දීර්ඝ පෝලිම් රට පුරා..

Shiran Viraj

21 පරදවන්න ද්විත්ව පුරවැසි මෙහෙයුමක්… 2/3 නැති කරන්න මන්ත‍්‍රීන් අල්ලයි…

Shiran Viraj
Translate »