mediahumanrights.lk
BusinessBusiness NewsNews

ඉන්ධන මිල ඉහල දමයි.. නව මිල ගණන් මෙන්න…

අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ඒ අනුව සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15කින් රුපියල් 430ක් දක්වා සහ ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 25කින් රුපියල් 365 දක්වා මිල ඉහල යයි.

කෙසේ වෙතත් සංස්ථාව සුපිරි ඩීසල්, කාර්මික භූමිතේ සහ සියළුම පෙට‍්‍රල් වර්ග කිසිවක මිල ඉහළ දැමීමක් සිදු කර නැත.

මේ අතර ලංකා ඉන්දීය තෙල් සමාගමද අද මධ්‍යම රාත්‍රියේ සිට සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර ඇත.

එම සමාගමේ ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 15කින් රුපියල් 430ක් දක්වා හා එස්ට්‍රා මයිල් ඩීසල් ලීටරයක රුපියල් 15කින් රුපියල් 475ක් දක්වා ඉහළ දමා ඇත.

Related posts

ඇන්ටිජන් රෙද්ද ගලවන්න ද…- දිලිත්

Shiran Viraj

බ්‍රිතාන්‍ය අගමැති දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට

Shiran Viraj

අමාත්‍යාංශ සඳහා අධීක්ෂණ නිලධාරීන් පත් කිරීම යහපත්

Shiran Viraj
Translate »