mediahumanrights.lk
News Political

තව ඇමතිවරුන් දිවුරන්න සූදානම්.. ජොන්ස්ටන්, දුමින්ද හා SJB දෙදෙනෙක් ඒ අතර

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු පත් කිරීමට නියමිත බව ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට කැබිනට් මණ්ඩලය 30 දක්වා වැඩි කළ හැකියි.

ආණ්ඩුවේ ඉතිරි අමාත්‍යවරුන් සංඛ්‍යාව පත් කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අවස්ථා කිහිපයකදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

පොදුජන පෙරමුණෙන් ජොන්ස්ටන් ප‍්‍රනාන්දු පවිත්‍රා වන්නිආරච්චි, සී.බී. රත්නායක, එස්.එම්. චන්ද්‍රසේන යන මන්ත‍්‍රිවරුනට ඇමතිකම් ලැබෙනු ඇති අතර ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ජීවන් තොණ්ඩමන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායකටද ඇමති ධුර ලැබෙනු ඇත.

මීට අමතරව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් එක් අයෙකු හෝ දෙදෙනෙකු කැබිනට් මණ්ඩලයට පත් කිරීමට නියමිත බව දැනගන්නට ඇත.

Related posts

පාකිස්ථානු ක්‍රීඩක අෆ්රිඩි රූපවාහිනී වැඩසටහනකදී ලැජ්ජාවට පත් වූ හැටි -Video

Shiran Viraj

මැතිවරණය කැදවිය යුත්තේ අවසාන කොරෝනා රෝගියාත් සුව වී සති දෙකකට පසුයි.. රටේම මතය එයයි.

Shiran Viraj

බෙල්ලන්විල හිමිගේ පරීක්ෂණය ගැටලුවක්

Shiran Viraj