31 C
Colombo
2026-10-05
mediahumanrights.lk
NewsPolitical

හරීන් ඇතුළු ඇමතිලා හතරක් ඉල්ලා අස්වෙයි..? SJB 10ක් ආණ්ඩුවට…?

ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ සිටින අමාත්‍යවරුන් කිහිප දෙනකු සිය ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

ඔවුන් නව දේශපාලන ගමනක් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බවද පැවසේ.

මෙසේ ඉල්ලා අස්වන බව පැවසෙන ඇමතිවරුන් හතර හරින් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් වන බව ද ඔවුන් කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඇති සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සමඟ ඒකාබද්ධ වනු ඇතැයිද පැවසේ.

මේ අතර 2023 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ පූර්ණ කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.

එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරුන්ට අමතරව විපක්ෂය නියෝජනය කරන සමගි ජන බලවේගය සහ දෙමළ මුස්ලිම් පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන්ට අමාත්‍ය ධුර ලබාදීමට නියමිතව තිබේ.

සමගි ජන බලවේග මන්ත‍්‍රීවරුන් 10 දෙනෙකු සමග පිරිසක් ආණ්ඩුවට එක්වනු ඇතැයිද විශ්වාස කෙරේ.

Related posts

වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි

Shiran Viraj

අලි දෙන ක්‍රමයක් නැත්නම් ගෝණාගේ පිටේ කරඬුව වඩම්මන බව හිමි නමක් කියයි

Shiran Viraj

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීම පිටුපස කිඹුලෙක්.. මහා වංචාවක සුල මුල හෙලිවෙයි..

Shiran Viraj
Translate »