mediahumanrights.lk
News Political

‘මහින්ද’ නමින් යලි බලය ගන්න පොහොට්ටුවට හැකියි.. ජනතාව බහුතරයක් මහින්දට තාම ආදරෙයි…

මහින්ද රාජපක්ෂ නම ප්‍රධාන ශක්තිය කරගනිමින් මෙරට නැවත බලය ලබා ගැනීමට හැකියාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතැයි එම පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

අදටද මෙරට ජනතාවගෙන් බහුතරයකගේ ආදරය හා ගෞරවය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාට ඇති බවද ඔහු පවසයි.

ඉදිරි මැතිවරණ කටයුතු ඇතුළු අනෙකුත් සියළු වැඩපිළිවෙළ සඳහා පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ දායකත්වය ද සක්‍රීය ලැබෙන බව ඔහු පැවසීය.

ඒ මහතා මේ අදහස් පළ කළේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානය දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

පැයට කිලෝමීටර් 407ක වේගයෙන් ධාවනය කළ හැකි මෝටර් රථයක් පොලිසියට

Shiran Viraj

රෙජිස්ටාර් කාර්යාලයේ සීල් 2ක් බොරු ඔප්පු හැදූ කත ගාවට ගියේ කොහොමද?

Shiran Viraj

හොරට මත් වතුර හදන තැනක් වටලයි- 20 හැවිරිදි තරුණියක් සමඟ කතුන් 3ක් කොටු

Shiran Viraj