mediahumanrights.lk
Local NewsNews

සුපුරුදු පරිදි ඉන්ධන බෙදා හැරීම සිදු කරනවා – ඉන්දියන් ඔයිල් සමාගම

අද (24) දිනයේ තමන් සුපුරුදු පරිදි ඉන්ධන බෙදා හැරීම සිදු කරන බව ඉන්දියන් ඔයිල් සමාගම පවසනවා.
එම සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති බී බී පත‍්‍රා සඳහන් කළේ තමන් යටතේ ඇති ඉන්ධන පිරවුම්හල් 202න් ආවරණය කරන්නේ මෙරට ඉන්ධන අවශ්‍යතාවෙන් සියයට 18ක් පමණක් බවයි.
තම සමාගම සතුව ඉන්දන ගබඩා සංකීර්ණ පවතින්නේ ත‍්‍රිකුණාමලයේ පමණක් බවත් රජය සතුව එවැනි ගබඩා සංකීර්ණ 12ක් පවතින බවත් ඔහු කියා සිටියා.
ඉන්දියන් ඔයිල් සමාගම සතුව මේ වනවිට ඞීසල් කිලෝ ලීටර් විසි හත්දහසක් පවතිනවා.
පෙට‍්‍රල් සංචිතය කිලෝ ලිටර එකොළොස්දහසක්. මෙම ඩිසල් හා පෙට‍්‍රල් සංචිත දින 15කට සීමා වන බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
මේ වනවිට රජයේ ආයතනවලට කිසිදු බෙදාහැරීමක් සිදු නොකරන නමුත් ඉල්ලීමක් කළහොත් සැපයුම් සිදු කළ හැකි බවයි ඉන්දියන් ඔයිල් සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.
කිසියම් ඉන්ධන හිඟයක් ඇති වුවහොත් සතියක කාලයක් තුළ සිය විදේශීය ගැනුම්කරුවන්ගෙන් ඉන්ධන ලබා ගත හැකි බවද ඔහු සඳහන් කළා.

(under the courtesy of nethfm news web)

Related posts

කුසලධම්ම හිමිගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දක්වන්න ගිහි පැවිදි විශාල පිරිසක් පැමිණෙයි

Shiran Viraj

හොද අයවැයක් කියන්නේ කුමක්දැයි අද පෙන්වනවා.. අඬෙන්නම පඩි වැඩි කරනවා..

Shiran Viraj

පොහොර නෑ.. එළවළු තොග මිල සීග‍්‍රයෙන් ඉහලට.. වගාකරන කදුකරයේ අද මිල ගණන් මෙන්න..

Shiran Viraj
Translate »