mediahumanrights.lk
Local News News

ඛණිජ තෙල් සේවක අර්බුදය විසඳන සාකච්ඡාව පස්වරුවට කල් යයි

ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතව සහ විෂයභාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි අතර අද (24) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව දෙපාර්ශවයේම එකඟතාව මත පස්වරුව දක්වා කල් දමා තිබෙනවා.
ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඞී ජේ රාජකරුණා සඳහන් කළේ පස්වරු දෙකට මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි.
පෙරවරු 11 යි 30ට මෙම සාකච්ඡාව පැවැත්වෙන බව මීට පෙර නිවේදනය කර තිබුණා.
පවතින තත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කර එම සාකච්ඡාව පස්වරු දෙකට ආරම්භ කිරීමට තමන් ඉල්ලා සිටි බවයි ඞී ජේ රාජකරුණා වැඩිදුරටත් සඳහන් කළේ.
එමෙන්ම තමන් ආරම්භ කළ වෘත්තීය ක‍්‍රියාමාර්ගය මේ වනවිට ඉතා සාර්ථකව ක‍්‍රියාත්මක වන බවද ඔහු සඳහන් කළා.
මේ අතර සේවක වෘත්තීය ක‍්‍රියාමාර්ගය හේතුවෙන් ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලට බාධා එල්ල වී ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප‍්‍රකාශ කළා.

Related posts

ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ සමාජ මාධ්‍ය ගිණුම් වසා දැමේ : ජනපති ධුරයෙන් නෙරපා හැරිය හැකිද යන්න ගැනත් සාකච්ජා

Shiran Viraj

ආසාධ්‍ය කොරෝනා අයට දෙන එන්නත් ලක්‍ෂ 7-10ට විකුණයි.. එන්නත් මහ ජාවාරමක්..

Shiran Viraj

කෝලි, මිලියන ගණනක වෙළඳ ප්‍රචාරණයකට බැහැ කිව්ව හේතුව මෙන්න

Shiran Viraj