mediahumanrights.lk
Local News News

තලපත්, කෙලවල්ලා කිලෝව 2800යි.. බෝල්ලු, බලයා 1200යි…

ඩිසල් හිගය හා ඉන්දන මිල ඉහල යාමත් සමග රට මැද ප්‍රදේශවල මාළු මිලද දැඩි ලෙස ඉහල යාමෙන් හැටන් ජනතාව දැඩි දු‍ෂ්කරතාවයන්ට පත්ව ඇත.

මේ වන විට ඒම ප්‍රදේශ වල කෙළවල්ලා, තලපත් මාළු කිලෝව රුපියල් 2800 දක්වා ඉහල ගොස් ඇති අතර ඇටවල්ලා, බලයා, බොල්ලා, කිලෝව රුපියල් 1200ත්, අලගොඩුවා, ලින්නා කිලෝව රුපියල් 1100ත් සාලයා කිලෝව රුපියල් 600ත් වැනි මිලකට අලෙවි වෙයි.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව පවසනුයේ මාළු මිල මෙසේ දැඩි ලෙස ඉහල යාමත් සමග තමන්ට මාළු කැමට නොහැකි තත්වයක් පවතින බවත්ය.

මාළු වෙලදුන් පවසනුයේ පවතින ඉන්දන හිගය මෙන්ම ඉන්දන මිල දැඩි ලෙස ඉහල යාමත් සමග මාළු මිල ගනන්ද මෙසේ ඉහල ගොස් ඇති බවයි.

– මනුර සුදත් සෙල්ලහේවා

Related posts

'එන්ටර් ප්‍රයිස් ශ්‍රී ලංකා' වැඩසටහන යටතේ නව ව්‍යාපාර 225ක්

Shiran Viraj

යාචකයින්ට මුදල් දෙන පුද්ගලයින්ට පොලීසියෙන් රතුඑළි

Shiran Viraj

ඕනෑම අවධානම් තත්ත්වයකට මුහුණ දෙන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩල සුදානම් කරයි

Shiran Viraj