mediahumanrights.lk
News Political

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අනාරක්‍ෂිතයි.. පක්‍ෂ නායක රැස්වීම අවලංගු කෙරේ…

අද දින කතානායකවරයා විසින් කැඳවා තිබූ පක්ෂ නායක රැස්වීම අවලංගු කර තිබේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරන්නේ පක්ෂ නායකයින්ගේ ආරක්ෂාව තහවුරු කල නොහැකි වීම හේතුවෙන් ඇතැම් පිරිස් පක්ෂ නායක රැස්වීමට සහභාගි වීමට නොහැකි බව ප්‍රකාශ කළ නිසා මෙම පියවර ගත් බවයි.

එනිසා මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු වන තෙක් පක්ෂ නායක රැස්වීමක් සිදුනොකරන බවද කතානායක වරයා පැවසීය.

මෙම පක්ෂ නායක රැස්වීම අද පස්වරු තුනට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත් වීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත් සැලසුම් කර ඇති පරිදි මීළඟ පාර්ලිමේන්තු රැස්වීම ලබන 14 දා කැඳවන බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

Related posts

අම්මා නැති වෙලාවේ කට ගොන්නක් බී ගෙට පැන දැරිය දූෂණය කරද්දී මාමාගේ අතටම අහුවෙයි

Shiran Viraj

ජනපති මෛත්‍රීපාලට විරුද්ධ නෑ – ආණ්ඩුවේ වැඩවලටයි විරුද්ධ – බැසිල් කියයි

Shiran Viraj

විකල්ප සියල්ල අසාර්ථකයි.. රිලවුන් සංහාරයකට සාකච්චා..

Shiran Viraj