26.1 C
Colombo
2026-03-03
mediahumanrights.lk
Local NewsNews

සංචාරකයන් අන්තිම අඩියට බහී.. ගේන ඉන්ධන, ගෑස්, ඖෂධ ගේන්නත් ඩොලර් නැතිවේවි…

ගෑස් ඉන්ධන සහ විදුලිය අර්බුදය මත හා ජනතා විරෝධතාවයන් හේතුවෙන් සංචාරක ව්‍යාපාරය බිඳ වැටීමකට ලක්ව ඇතැයි සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සඳහන් කරයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන් කරන්නේ ජනතාවගේ පීඩනය සාධාරණ වුවත් සංචාරක සහ ඇඟලුම් කර්මාන්ත වලට කිසිසේත්ම බාධා නොකරන ලෙසයි.

දැනටමත් ඇති වී තිබෙන තත්ත්වයන් මත සංචාරකයන් පැමිණීම පහත වැටී ඇතැයි ද ඇය සඳහන් කළාය.

අද වන විට ඉන්ධන සහ ඖෂධ වර්ග ගෙන ඒම සඳහා යම් හෝ විදේශ ආදායමක් ලබන්නේ සංචාරක සහ ඇඟලුම් කර්මාන්ත වලින් පමණක් බවත් එනිසා එම අවස්ථාව අහිමි කර නොගන්නැයි තමන් ඉල්ලා සිටින බවද ඇය පැවසුවාය.

දැනට පැමිණෙන සීමිත සංචාරකයන් පිරිසද මෙරටට පැමිණ පැමිණියහොත් ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ පවා රටට ලබා ගැනීමට නොහැකි වනු ඇතැයි ද ඇය තව ද පැවසුවාය.

Related posts

රතන හිමි ඉල්ලා අස්වෙයි.. ඥාණසාර හිමි පාර්ලිමේන්තු වඩී…

Shiran Viraj

මහින්ද රාජපක්‍ෂගේ අබිරහස් ස්ථානයකට නියෝජ්‍ය ඇමති පනී.. මුරකරුවන් ගේට්ටු වසති.. අබිරහස හෙලි නොවේ…

Shiran Viraj

ශ‍්‍රී ලංකා පිල පුහුණු වෙද්දී හෙණ ගහයි…

Shiran Viraj
Translate »