27 C
Colombo
2024-07-07
mediahumanrights.lk
Local News News

අඛණ්ඩය ජල විදුලිය නිපදවීමෙන් ජල හිගයක්…

තාප විදුලි බලාගාර වලට අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බවත් එසේ නොමැති වුවහොත් ඉදිරියේදී විදුලි අර්බුදය තවත් උග්‍ර වනු ඇති බවත් ලංකා විදුලි සේවක සංගමය සඳහන් කරයි.

දැනට තාප විදුලි බලාගාර සදහා ඉන්ධන ලබා දීම සිදු කරන්නේ වාරික වශයෙන් බවත් මේ නිසා බලාගාර විටින් විට අක්‍රියවීම බලාගාරවල දෝෂ මතුවීමට හේතුවක් බවත් සංගමයේ ලේකම් රන්ජන් ජයලත් මහතා පැවසීය.

පවතින තත්ත්වය මත ජල විදුලි බලාගාර වැඩි වශයෙන් ක්‍රියාත්මක වීම මත නුදුරේදීම එම බලාගාර ආශිතව ජල හිඟයක්ද ඇතිවන බව හෙතෙම පෙන්වාදෙයි.

පවතින තත්ත්වය මත ජල විදුලි නිෂ්පාදනය සීමා කර ජලය රැක ගත යුතු බවත් එසේ නොකළ හොත් ඉදිරියේ දී ජල හිගයක් ඇති විය හැකි බවත් ඊට විකල්ප නැති බවත් හෙතෙම කියා සිටියේය.

Related posts

රතන හිමිගේ කපටිකමට ගරු කරන්නේ නෑ.. පාර්ලිමේන්තු යන්න ජාතික ව්‍යාපාරය භාවිතර කරන්න දෙන්නේ නෑ..- ඥාණසාර හිමි

Shiran Viraj

පැරදුණු අය ජාතික ලැයිස්තුවෙන් ගන්න එපා – පැෆරල් සංවිධානයෙන් ඉල්ලීමක්

Shiran Viraj

සිසුවියක් අපයෝජනය කල අයෙක් අත්අඩංගුවට…

Shiran Viraj