mediahumanrights.lk
NewsPolitical

රටහැර යන පෝලිම්… ආණ්ඩුවට වගේවගක් නෑ…

අද රටේ ආරක්ෂාවත්, ජාතික ආරක්ෂාවත්, සමාජ ආරක්ෂාවත් යනාදී සකලවිද ආරක්ෂාවන් උල්ලංඝනය වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රටේ තරුණ පරපුර පෝලිමේ රට අතැර යන බව පැවසූ විපක්ෂ නායකතුමා ආණ්ඩුව රටට උරුමකොට ඇත්තේ පෝලිම් යුගයක් පමණක් බව පැවසීය.

විපක්ෂ නායකතුමා මේ බව පැවසුවේ කින්නියා අලිගාර් මහා විදුහලේ පැවැති “සක්වල”වැඩසටහනේ තෙවැනි අදියරට එක් වෙමිනි.

නවීන තාක්ෂණය සමග සුහුරු කුසලතාවයකින් පිරි දරු පරපුරක් උදෙසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නූතනවාදී සංකල්පයක් ලෙස “ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක පරිත්‍යාග කිරීමේ නියමු ව්‍යාපෘතිය, “සක්වල” තුන්වන අදියර ආරම්භ විය.

දේශයේ දරුවන්ට සුහුරු ලොවක දෑත් ඔසවනු පිණිස ක්‍රියාත්මක”සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු” සහ නවීන පරිගණක පරිත්‍යාග කරන වැඩසටහනක් වන “සක්වල” වැඩසටහනෙන් රුපියල් හත්ලක්ෂ පනස්දහසක් (රු.750,000) වටිනා සුහුරු පන්තිකාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ත්‍රිකුණාමලය කින්නියා අලිගාර් මහා විද්‍යාලයට පරිත්‍යාග කිරීම සිදුවිය.

විපක්ෂ නායකතුමාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සක්වල” වැඩසටහන මෙරට දුෂ්කර පාසල් පද්ධතිය තුළ අධ්‍යාපනය හදාරන දුවාදරුවන්ගේ නවීන තාක්ෂණික දැනුම වර්ධනය කිරීම අරමුණු කොට ගනිමින් නිර්මාණය කොට ඇත.

– මාධ්‍ය අංශය

Related posts

ඉන්නේ රෙදි ඇදගෙනද… අගරදගුරුගෙන් හිටපු ජනපතිට දැඩි ප‍්‍රහාරයක්…

Shiran Viraj

අමිතාබ් සහ අභිෂේක් බච්චන් කොරෝනා වෛරසය ආසාදනයවී රෝහල් ගත කරයි

Shiran Viraj

හොර කාර් තොගයෙන් කෝටි 655 බදු වංචාවක්‌….

Shiran Viraj
Translate »