26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
BusinessBusiness NewsNews

ඉන්ධන මිල සුත‍්‍රයක් අත්‍යවශ්‍යයි.. නැතොත් රාජ්‍ය බැංකු අවධානමේ..- මහ බැංකුව

රාජ්‍ය බැංකු පද්ධතියේ ස්ථාවරත්වය වෙනුවෙන් ඉන්ධන මිල සූත්‍රයක් අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මිල ගණන් ඉහළ යාම අනුව සහ ඉදිරි කාල සීමාවේද මෙම තත්වය තව දුරටත් ඉහල යනු ඇතැයි පුරෝකතන හේතුවෙන් ඉන්ධන අර්බුදය විසඳීමට මිල සංශෝධන පමණක් ප්‍රමාණවත් නැතැයි ද මහ බැංකුව කියා සිටියි.

මහ බැංකුව මේ බව කියා සිටින්නේ මෑතකාලීන ආර්ථික ප්‍රවණතා නමින් නිකුත් කරන ලද නවතම වාර්තාව ඔස්සේය.

මිල සූත්‍රය හරහා ඉන්ධන මිල නියම කිරීම මගින් ඉන්ධන මිල ගණන් පිළිබඳව ජනතාව තුළ පවතින පිළිගැනීම වැඩි දියුණු කළ හැකි බවත් ක්‍රියාවලිය විනිවිදභාවයකින් පවත්වාගෙන යා හැකි බවත් මහ බැංකුව පෙන්වා දෙයි.

එමෙන්ම ලෝක වෙළඳපොලේ මිල පහල වැටීමේ ප්‍රතිලාභ පාරිභෝගිකයාට ක්ෂණිකව ලබා ගැනීමට හැකිවනු ඇතැයි ද එම වාර්තාවේ සඳහන්ය.

Related posts

අනුර ජනාධිපති ලෙස දිවුරුම් දීමේ සැලසුම මෙන්න..

Shiran Viraj

දෛනික ව්‍යායාමයන් නතර කිරීමෙන් "ඩිප්‍රෙෂන්" තත්ත්වය නරක අතට

Shiran Viraj

රජය සතු වාහන ගණන හෙළි කෙරේ! වාහන 8000ක් විකුණන්න සැලැස්මක්

Shiran Viraj
Translate »