mediahumanrights.lk
Local NewsNews

ආසාදිතයන් 2000 සීමාවේදී රට විවෘත කල හැකියි.. පාසැල්ද අරඹිය හැකියි…

දෛනික කොරෝනා ආසාදිතයන් වාර්තාවීම දෙදහසකට ආසන්න මට්ටමට පැමිණි පසු දැඩි සෞඛ්‍ය කොන්දේසි යටතේ රට විවෘත කළ හැකි බව රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කරයි.

විද්වත් කමිටුවක මගපෙන්වීම යටතේ පාසල් ක්‍රමක්‍රමයෙන් විවෘත කිරීමට හැකියාව ඇති බවද ඔහු කියා සිටියි.

දැනට පවතින ඩෙල්ටා කොරෝනා රැල්ලෙහි යම් පාලනයක් එළඹෙන මාසය වන විට සිදුවනු ඇතැයි ද විශ්වාස කළ හැකි බවද ඔහු සඳහන් කළේය.

ඒ අනුව කොරෝනා ව්‍යාප්තිය පිළිබඳව දත්ත විශ්ලේෂණයකින් පසු රට විවෘත කිරීම සම්බන්ධයෙන් පැහැදිලි නිගමනයකට පැමිණීමට හැකි වනු ඇති බවද ඔහු කියා සිටියේය.

ජනගහණයෙන් 85%ක් එන්නත්කරණයට ලක් කළ පසු රංචු ප්‍රතිශක්තිකරණය ගොඩනැගී වෛරස ව්‍යාප්තිය සැලකිය යුතු පාලනයක් ඇති වන බවත් එම සීමාවට පැමිණ පැමිණ සති දෙකක් ගිය පසු ප්‍රතිඵල පෙන්නුම් කරනු ඇති බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

කෙසේ වෙතත් රට සාමාන්‍ය තත්ත්වයට පත් වුවද ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශන දිගටම පිළිපැදිය යුතු බවත් ඔහු අවධාරණය කරයි.

කෙසේ නමුත් පාසැල් විවෘත කිරීමට පෙර දරුවන්ට එන්නත් ලබාදීම වැදගත් බවත් උසස් පෙළ පන්ති වල සිට පහළ දක්වා පියවරෙන් පියවර එන්නත් ලබාදිය යුතු බවද ඔහු තවදුරටත් පවසයි.

Related posts

තමිල්නාඩු සිට කොළඹට සෘජු දුම්රිය මාර්ගය ඇරඹුවා..- India Today

Shiran Viraj

සුවසැරිය පවත්වාගෙන යන්න TATAගෙන් ආධාර ඉල්ලයි…

Shiran Viraj

නාමල් සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් කොරෝනා විදේශාධාර බාරගනී

Shiran Viraj
Translate »