mediahumanrights.lk
Local NewsNews

බලපත්‍ර නොමැතිව ෆාමසියක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකුSTF අත්අඩංගුවට

කාත්තන්කුඩි‘ අස් සහීඩ් අහමඩ් ලෙබ්බේ ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව ඖෂධ වෙළදසැලක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ කලවංචිකුඩි කදවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. එම වෙළද සැලේ තිබී අධි මාත්‍රා සහිත ඖෂධ වර්ග 7 කට අයත් ඖෂධ 372 ක් සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

සැකකරු විසින් වැඩි මුදලකට එම ඖෂධ අළෙවි කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. වැඩිදුර විමර්ශන සදහා සැකකරු ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේ ආහාර හා ඖෂධ පරීක්‍ෂකවරයා වෙත භාර දුන් බවද පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවා. කලවංචිකුඩි පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබෙනවා.

Related posts

විදුලි ගාස්තු අඩු කරන්න IMF අදහස් අහයි..

Shiran Viraj

කටුනායක ගුවන් තොටුපලේදී ඊශ්‍රායල හමුදා සෙබළියක් අත්අඩංගුවට..

Shiran Viraj

උතුර පුරාම කොටි සැමරුම්

Shiran Viraj
Translate »