mediahumanrights.lk
NewsPolitical

බැසිල් හිටියා කියා තෙල් මිල අඩුවෙන්නෙ නෑ.. වැඩි කලේ ඔහුගේ අයියලා දෙන්නා..- පොහොට්ටු මන්ත‍්‍

බැසිල් රාජපක්ෂ මහතා මෙරට සිටියේ නම් ඉන්ධන මිල වැඩි වෙන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතැම් මන්ත්‍රීවරුන් කරන ප්‍රකාශය එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා ප්‍රතික්ෂේප කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ ඉන්ධන මිල වැඩි කරන ලද්දේ ඔහුගේ සහෝදරයන් දෙදෙනා සිටින ජීවන වියදම් කමිටුව මගින් බවයි.

ඉන්ධන මිල ගැන තීන්දුව ගන්නා ලද්දේ එක් පුද්ගලයෙකු විසින් නොවන බවද පැවසූ මන්ත්‍රීවරයා එය කණ්ඩායමක් විසින් ගන්නා ලද තිරණයක් යයිද සඳහන් කළේය.

එනිසා මෙම කටයුත්තේ චූදිතයා උදය ගම්මන්පිල මහතා නොවන බවත් උදය ගම්මන්පිල මහතා චූදිතයා කිරීම කොහේ හෝ බළල් අතකින් සිදුවන ක්‍රියාවලියක් බවත් ඔහු පැවසිය.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ සිය කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

lankacnews

Related posts

13 හැවිරිදි නැගණිය දූෂණය කළ 17 හැවිරිදි සොහොයුරා දැලේ

Shiran Viraj

කැරට් 1,100යි.. බ්‍රොකොලි 7,000යි..

Shiran Viraj

ලංකාගම සිංහරාජය නැරඹීමට යන සංචාරකයින්ට ආරක්ෂාව සහ පහසුකම් නැහැ

Shiran Viraj
Translate »