mediahumanrights.lk
NewsPolitical

බැසිල් හිටියා කියා තෙල් මිල අඩුවෙන්නෙ නෑ.. වැඩි කලේ ඔහුගේ අයියලා දෙන්නා..- පොහොට්ටු මන්ත‍්‍

බැසිල් රාජපක්ෂ මහතා මෙරට සිටියේ නම් ඉන්ධන මිල වැඩි වෙන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතැම් මන්ත්‍රීවරුන් කරන ප්‍රකාශය එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා ප්‍රතික්ෂේප කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ ඉන්ධන මිල වැඩි කරන ලද්දේ ඔහුගේ සහෝදරයන් දෙදෙනා සිටින ජීවන වියදම් කමිටුව මගින් බවයි.

ඉන්ධන මිල ගැන තීන්දුව ගන්නා ලද්දේ එක් පුද්ගලයෙකු විසින් නොවන බවද පැවසූ මන්ත්‍රීවරයා එය කණ්ඩායමක් විසින් ගන්නා ලද තිරණයක් යයිද සඳහන් කළේය.

එනිසා මෙම කටයුත්තේ චූදිතයා උදය ගම්මන්පිල මහතා නොවන බවත් උදය ගම්මන්පිල මහතා චූදිතයා කිරීම කොහේ හෝ බළල් අතකින් සිදුවන ක්‍රියාවලියක් බවත් ඔහු පැවසිය.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ සිය කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

lankacnews

Related posts

සවුදි ජාතිකයින්ට මෙරටින් ඉවත්වන්නැයි උපදෙස්

Shiran Viraj

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට අඛණ්ඩව 3වැනි වරටත් දඩ

Shiran Viraj

බිම වැටුණු ෆයිබර්/කොපර් කේබල් කපන්න එපා! – SLT-MOBITEL දැනුම් දෙයි

Shiran Viraj
Translate »