27.2 C
Colombo
2026-10-03
mediahumanrights.lk
Local NewsNews

සිපෙට්කෝ ඩීසල් තොග සියල්ල අවසන්.. බාන්න ඩොලර් නැතිව නැව වරායේ..

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සතුව තිබූ ඩීසල් තොග තවදුරටත් අවසන් වී තිබේ.

එම සමාගමේ උසස් නිළධාරියෙකු සඳහන් කළේ ඩීසල් රැගත් නෞකාවක් වරායට ලඟාවී ඇතත් ඩීසල් තොගය ගොඩ බා ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් නිදහස් නොවීම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි.

වරායට පැමිණ දින තනක් පමණ ගතවන මෙම නෞකාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 40000 ක් පමණ අඩංගු වෙයි.

අවසන් වරට ගොඩබාන ලද පෙට‍්‍රල් නෞකාවේ තොග තවත් දින කිහිපයකට ප්‍රමාණවත් වනු ඇතැයි ද එම නිලධාරියා සඳහන් කළේය.

මේ අතර බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරිය සඳහන් කරන්නේ මේ වන විට ඩීසල් නෞකාව ගොඩ බා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින බවත් ඉක්මනින්ම ඩිසල් ගොඩබෑමේ කටයුතු ආරම්භ කළ හැකි වනු ඇති බවත්ය.

ඉන් අනතුරව දැනට පවතින ඩීසල් හිගය සමනය වනු ඇතැයිද ඇය කියා සිටියාය.

Related posts

තමා පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා නොගත් බව මහින්ද කියයි

Shiran Viraj

ආදායම හොයන්න රජයට උපදෙස් ගන්න සුද්දෙක් කැදවයි.. ඔහු කැමරන්ගේ ඇමතිවරයෙක්…

Shiran Viraj

සෞඛ්‍ය සේවකයන් වැඩවර්ජනයකට සැරසෙයි

Shiran Viraj
Translate »