26 C
Colombo
2024-07-07
mediahumanrights.lk
News Political

රජයක් ලෙස අප රටට විහිළු සපයනවා..- චන්දිම වීරක්කොඩි

ඛනිජ තෙල් විෂයභාර අමාත්‍යවරයාට ඉන්ධන මිල තීරණය කිරීමේ හැකියාවක් නැති බව හිටපු ඛනිජ තෙල් අමාත්‍යවරයෙකු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කරයි.

ඉන්ධන මිල තීරණය කරන්නේ මුදල් අමාත්‍යංශය විසින් බවද මිල තීරණය කිරීමේ දී අවශ්‍ය නම් ඛනිජ තෙල් අමාත්‍යවරයාගේ අදහස් ලබාගත හැකි වුවද මිල තීරණය අවසාන වශයෙන් කරන්නේ මුදල් අමාත්‍යාංශ විසින් බවද ඔහු පැවසීය.

එය පනත අනුව ම මුදල් අමාත්‍යවරයාට පැවරී ඇතැයි ද වීරක්කොඩි මහතා පෙන්වා දෙයි.

තෝරාගත් පිරිස් සහ පුද්ගලයන් වශයෙන් ඉලක්ක කර පහරදීමට ගොස් මේ ආකාරයෙන් නොදැනුවත්කම ප්‍රකාශය කිරීම හේතුවෙන් රජයක් ලෙස මේ මොහොතේ රටට විහිළු සපයමින් සිටින බව ද ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය.

ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Related posts

ඇදිරි නීතිය තරමක් ලිහිල් කරයි.. අලුත් වෙලාවන් මෙන්න..

Shiran Viraj

මහමගදී පොලිස් නිළධාරීන් යටකර පළා ගිය ටිපර් රථ රියදුරෙකු සොයා පරීක්ෂණ

Shiran Viraj

පුංචි වෙනසකටත් එක්ක කෝල් එකක් ගත්තෙ"බස් පෙම්වතාගෙන් පෙම්සුව පතා ආ ඇයට අන්තිමේදි වෙච්ච දේ..

Shiran Viraj