27.8 C
Colombo
2026-07-06
mediahumanrights.lk
Local NewsNews

“මුහුද දැන් පාරටත් උඩින් ගලනවා”- මුහුද ගොඩ ගලයි – ප්‍රදේශයේ ජනතාව භීතියට

බස්නාහිර දකුණ හා නැගෙනහිර මුහුදු ප්‍රදේශ පසුගියදා රළු වීමත් සමග ප්‍රදේශ කිහිපයකින් මුහුදු රළ ප්‍රධාන මාර්ගය දක්වා පැමිණ තිබුණා.

කෙසේවෙතත් එම ප්‍රදේශයේ මුහුදු රළ රළු වීම අද දක්වා බලපැවැත්වෙන බැවින් කාලගුණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් අනතුරු අඟවා තිබුණේ ධීවර හා නාවික ප්‍රජාවන්ට ඒ පිළිබඳ විමසිලිමත් වන ලෙසයි.

කෙසේවෙතත් 21 වන දින පස්වරුවේ මුහුද ඉතා රළු ස්භාවයක් ගෙන පසුව එකවර මුහුද ගොඩ ගැලීම සිදුව තිබෙනවා.

මුහුද ගොඩ ගැලීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව නිවාස වලින් එළියට බැස මුහුද ආසන්නයට පැමිණ මුහුද දෙස බලා සිටි අතර පැය තුනකට ආසන්න කාලයක් මේ තත්වය තිබී ඇති බවයි වාර්තා වන්නේ.

එම ප්‍ර දේශවල ජනතාව මේ සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසක්.

“සුනාමි ඇවිල්ලත් අපිට මෙහෙම ගැලුවේ නැහැ . අද සවස තමයි මේ විදිහට මුහුද ගොඩ ගලන්න පටන් ගත්තේ අපිට හිතා ගන්න බැහැ මොකද්ද මේ වෙන්න යන්නේ කියල. පොලිසියෙන් අවා .ග්‍රාමසේවක අවා . එච්චරයි.දෙවියන්ට කියනවා හැරෙන්න අපිට වෙන කරන්න දෙයක් නැහැ”.

“ගමේ ඔක්කොම අද ඉන්නේ පාරේ . අද රෑට මොකකින් මොකක් වෙයිද දන්නේ නැහැ . මුහුද දැන් පාරටත් උඩින් ගලනවා . අපේ ජීවිත කාලේ මෙහෙම දැකලා නැහැ ”

මේ ඒ පිළිබඳව සිදුකල වාර්තාවක්.
(under the courtesy of adaderana.lk news web)

Related posts

YouTube නිර්මාණකරුවන්ට ශ්‍රී ලංකාව තුළ මුදල් ඉපයිමට කදිම අවස්ථාවක්

Shiran Viraj

ජනතාව වෙනුවෙන් සංවර්ධනය ඉදිරියටම ක්‍රියාත්මක කරන්න-ජනපතිගෙන් උපදෙස්

Shiran Viraj

SAITM අර්බුදය සාධාරණ ලෙස විසඳනවා – ජනපති

Shiran Viraj
Translate »