mediahumanrights.lk
Local NewsNews

රන්ජන්ට බන්ධනාගාරයේ වෙනම රූපවාහිනියක්..

සිව් වසරක බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් නියම වී දැනට අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට වෙනම රූපවාහිනී යන්ත්‍රයක් ලබා දී තිබේ.

ඔහු විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම පහසුකම ලබාදුන් බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කිරිමේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරයි.

එමෙන්ම රාමනායක හිටපු මන්ත්‍රීවරයා වෙනුවෙන් වෙනම විදුලි පංකාවක් මෙට්ටයක් හා වැසිකිළි පහසුකම් ද ලබා දී ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඊට අමතරව ඔහු මන්ත්‍රී ධුරය දැරූ කාලයේ දී වාසය කළ මාදිවෙල මන්ත්‍රී නිල නිවාසය තවත් මාස හයක කාලයකට පාවිච්චිය සඳහා අවස්ථාව ලබා දී තිබේ.

කෙසේ වෙතත් තමන් ජනාධිපති විශේෂ සමාව යටතේ නිදහස් කරන්නැයි රනජන් රාමනායක හිටපු මන්ත‍්‍රීවරයා විසින් ලිඛිත ඉල්ලීමක් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත.

Related posts

ජෙෆ්රි ඇලෝසියස්ට විදේශ ගතවීමට දුන් අවසරය අවලංගු කරන්නැයි නීතිපති ඉල්ලයි

Shiran Viraj

එක් අවුරුදු සිඟිතියට වධ හිංසා කරලා- පියා අත්අඩංගුවේ

Shiran Viraj

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඝාතන නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම් ඔක්තෝම්බර් 30 වෙනිදා

Shiran Viraj
Translate »