28.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
Local NewsNews

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ කොවිඩ් ආසාදිතයින් 313ක් : ගොතටුවෙන් පමණක් 74ක්

ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 859 දෙනෙකු හඳුනා ගැනුණා. එලෙස වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටින්නේ.

ඊයේ දිනයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 313 දෙනෙකු හඳුනා ගෙන ඇත. කොළඹ කොටුව ප්‍රදේශයෙන් 60ක්, කොළඹ නගර සභා සීමාවෙන් 16ක්, දෙහිවල 17ක්, ගොතටුව 74ක්, බොරැල්ල / කොටහේන / අලුත්කඩේ / යන ප්‍රදේශ වලින් ආසාදිතයින් 08 දෙනා බැගින් සහ අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් ආසාදිතයින් 09 දෙනෙකු ලෙස ඊයේ දිනයේදී වාර්තා වී ඇත.

මිට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 212ක් වාර්තා වී ඇත. රාගම ප්‍රදේශයෙන් 16ක්, කඩවත 14ක්, කැලණිය 10ක්, දුනගල්පිටිය 14ක් දොම්පේ 06ක් ලෙස ඊයේ දිනයේදී ආසාදිතයින් වාර්තා වී ඇත.

මිට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 78ක්, කුරුණෑගල 79ක්, මහනුවර 05ක්, ගාල්ල 17, අම්පාර 22, මාතර 20ක්, නුවරඑළිය 02ක්, හම්බන්තොට 01ක්, පොළොන්නරුව 04, මාතලේ 11, පුත්තලම 47, මඩකලපුව 01,  කෑගල්ල 19, රත්නපුර 09ක් සහ අනුරාධපුරයෙන් ආසාදිතයින් 20ක් ඊයේ දිනයේදී හඳුනාගෙන තිබෙනවා. 

ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් දිස්ත්‍රික්ක 17 කින් වාර්තා වි තිබෙන අතර මන්නාරම, බදුල්ල, මොණරාගල, මුලතිව්, යාපනය, කිලිනොච්චි, ත්‍රිකුණාමලය සහ වව්නියාව යන දිස්ත්‍රික්ක වලින් එකඳු රෝගියෙකු හෝ වාර්තා වී නොමැත.

මෙරට ඊයේ දිනයේදී සිදුකර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 18, 132ක් වනවා.

Related posts

සයිටම් වෙඩි ඩ්‍රාමා එක පසුපස සිටින අකුරු දෙකේ දේශපාලකයා කවුද?

Shiran Viraj

මිලින්ද මොරගොඩට 2005 දීත් නෝර්වේ රාජ්‍යය මුදල් ගෙවලා?

Shiran Viraj

‘‘එයාගේ සීයාගෙ කාලෙලු ඇලෝසියස් එයාට කෝල් කරලා තියෙන්නෙ‘‘ දින 100 න් රට හදනවා කියපු අය තාම කරලා තියෙන්න වැඩ දෙකයි. නාමල් බලපිටියේදී කියපු දේ.

Shiran Viraj
Translate »