mediahumanrights.lk
Local News News

උත්සව සමයේ අධිවේගී මාර්ග වල රථ වාහන ගමනාගමනයට විශේෂ වැඩපිළිවෙලක්

එළඹෙන උත්සව සමය වෙනුවෙන් අධිවේගී මාර්ග වල රථ වාහන ගමනාගමනය සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අංශය පවසයි.
අධිවේගී මාර්ගය භාවිත කරන රියදුරන් විසින් අදාළ දොරටු වලදී ප්‍රවේශ පත් ලබාගැනීම් හා මුදල් ගෙවීම් කටයුතු කඩිනමින් සිදුකරමින් තදබදය අවම කරගැනීම සඳහා සහය වන ලෙස එහි අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා ඉල්ලා සිටියි.
මේ අතර උත්සව සමය වෙනුවෙන් ජනතාවගේ ගමන් පහසුව සඳහා අතිරේක බස් රථ විශාල ප්‍රමාණයක් යොදවා ඇති බවද ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන මහතා පැවසුවේය.
(under the courtesy of adaderana news web)

Related posts

සජිත් ඓතිහාසික වගකිමක් කරට ගනී.. අන්තර්පාලනයකට එකග වේ…

Shiran Viraj

“රැකියා නැති උපාධි වලින් පලක් නෑ” ජනපති ගෝඨාභය විශ්වවිද්‍යාල ක්‍රමය වෙනස් කිරීමට යයි

Shiran Viraj

ලොකුගේ අතදමා පිලියන්දල ලොක්ඩවුන් අරී… සෞඛ්‍ය ප‍්‍රධානී දැඩි විරෝධය.. රෝගීන් නිවසේම මියෙනු ඇතැයි කියයි..

Shiran Viraj