27.8 C
Colombo
2026-07-10
mediahumanrights.lk
Local NewsNews

කිලිනොච්චියට තද වැසි : සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් හමුදාව මැදිහත් වෙයි

අධික වර්ෂාව නිසා කිළිනොච්චිය, ආනන්දපුරම් ඇතුළු ගම්මාන කීපයක කොටු වී සිටි පුද්ගලයින් 168 දෙනෙකු යුද හමුදාව විසින් අද (06) උදෑසන බේරාගෙන ආරක්ෂිත ස්ථාන කරා රැගෙන ඒමට සමත්ව තිබෙනවා.

කිළිනොච්චිය ආරක්ෂක සේනාංක ආඥාපතිවරයාගේ උපදෙස් මත හමුදා භට පිරිස් ගම්වල කොටුවී සිටි ගම්වැසියන් බේරා ගැනීමට අවශ්‍ය පියවර ගෙන තිබුණා.

මේ අතර කිලිනොච්චිය, ධර්මපුරම් මහ විද්‍යාලයේ සහ කිලිනොච්චිය හින්දු විද්‍යාලයේ සකස් කර ඇති අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානය ජලයෙන් යටවී තිබෙනවා.

යුධ හමුදා නිලධාරීන් පැවසුවේ වැසි ජලයෙන් යටවූ පහළ විභාග මධ්‍යස්ථානයේ මේස සහ පුටු ඉහළ මාලයට වෙත ගෙන ගොස් විභාගය කරගෙන යාමට හැකි පරිදි කටයුතු සකස් කරනු ලැබූ බවයි.

විභාගයට පෙනී සිටින දරුවන් යුධ හමුදා භට පිරිස් ට්‍රැක්ටර් රථ සහ බෝට්ටු යොදා ගනිමින් විභාග ශාලාව වෙත රැගෙන යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර දී ඇති අතර හදිසි අවශ්‍යතාවයක් ඇතිවුවහොත් දරුවන්ගේ ආරක්ෂාව සඳහා යුධ හමුදා නිලධාරීන් ස්ථානගත කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

මැතිවරණ දිනය කිසිවෙකුට අභියෝග කරනු බෑ.. නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයේදී..

Shiran Viraj

තාක්ෂණයේ නැවුම් පෙරළියක්..!! දුර ඉඳන් ආදරය කරන අයට ජංගම දුරකතනයෙන් හාදු දෙන අලුත්ම තාක්ෂණය නිකුත් වේ..!!

Shiran Viraj

පෙරපාසල් දරුවන්ට අකුරු ලිවීමට බලකිරීම ඔවුන්ගේ බුද්ධිමය වර්ධනයට බාධාවක් බව අමාත්‍යවරිය පවසයි

Shiran Viraj
Translate »