mediahumanrights.lk
Local NewsNews

ETI වංචාවට එදිරිසිංහ පවුලේ තිදෙනෙකු අත්අඩංගුවට

ETI වංචාව සම්බන්ධයෙන් එම ආයතනයේ හිටපු අධ්‍යක්‍ෂවරුන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජීවක එදිරිසිංහ, අංජලී එදිරිසිංහ හා අසංක එදිරිසිංහ යන හිටපු අධ්‍යක්‍ෂවරුන්.

ETI ආයතනයේ හිටපු අධ්‍යක්‍ෂවරුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයා අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබුණා.

ETI ආයතනයේ අධ්‍යක්‍ෂ මණ්ඩලයට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙයසි නීතිපතිවරයා, පොලිස්පතිවරයාට ද උපදෙස් ලබාදී තිබුණේ. ඒ, රුපියල් බිලියන 13 යි දශම 7 ක තැන්පතු නීතිවිරෝධීව භාරගැනීම, අයථා පරිහරණය සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනාවලට අදාළවයි.

Related posts

මුතුරාජවෙල අභය භූමියට කසල බැහැර කිරීම වළක්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Shiran Viraj

ජනපති මසකට වරක් උතුරට යන්න තීරණය කරයි

Shiran Viraj

ශ‍්‍රී ලංකාවට මුදල් ආධාර දෙන්නේ නෑ.. වැරදි ලෙස භාවිත කරනවා..- ජපානය දැනුම් දෙයි..

Shiran Viraj
Translate »