2026-08-15
mediahumanrights.lk
Local NewsNews

මහනුවර පාසැල් තවත් සතියක් වසයි..

මධ්‍යම වැසු පාසල් තවත් සතියක් වසා තැබීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා තීරණය කර ඇත. මධ්‍යම පළාත තුල කොවිඩ් වසංගත තත්වය ව්‍යාප්තිය සදහා වැට බැදීමට ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා පැවති විශේෂ රැස්වීමකින් අනුතුරුව ආණ්ඩුකාරවරයා විසින් මෙම තීරණය ගෙන ඇත.

මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී (4) පැවති මෙම විශේෂ සාකච්ඡාවේදී ඉදිරියේදී අකුරණ, මඩවල වැනි ප්‍රදේශවලට ප්‍රමුඛතාවය ලබාදෙමින් ඉදිරියේදී මහනුවර නගරය තුල සහ මධ්‍යම පළාත තුල සිදුකරන ලබන පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය ඉහල දැමීම සහ සෞඛ්‍ය අංශ සදහා ප්‍රවාහන ඇතුලු අනෙකුත් ඉහල නැංවීම සදහා තීරණය කරනු ලැබුවේය.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් පළාත් ආණඩුකාරවරයා සදහන් කර සිටියේ අධ්‍යාපන, සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ වල උපදෙස් හා නිර්දේශ මත පදනම්ව මෙම තීරණ වලට එළැඹි බවත්, කොවිඩ් 19 තත්වය මත පදනම්ව ඉදිරි සතියෙන් පසුවද අවශ්‍යතාවයක් මතුවුවහොත් පාසල් වසා දැමීම සදහා කටයුතු කරනු ලබන බවයි.

බෝගම්බර ග්‍රාමයේ ජීවත්වන බොහෝ පිරිසක් බෝගම්බර බස් නැවතුම් පොලේ සේවයේ නිරත අයවළුන් වන බැවින් එහි අවධානම් තත්වය හේතුවෙන් එම ග්‍රාමය හුදෙකලා කර ඇති බවත්, අවධානම පහව ගිය පසු නැවත එම ග්‍රාමය විවෘත කිරීම සදහා කටයුතු කරන බවත් මෙහිදී ආණ්ඩුකාරවරයා සිය අදහස් දැක්වීමේදී ප්‍රකාශ කර සිටියේය.

– රුක්මාල් දුෂාන්ත

lankacnews

Related posts

IPL පිටියට අලුත් විනිසුරුවරයෙක් හඳුන්වා දෙයි

Shiran Viraj

‘කිසිවකු කුසගින්නේ නැහැ’; ආපදාවෙන් සතුරන් අඩු වී මව්බිම එක් වී ඇතැයි ඇමැති බිමල් රත්නායක කියයි

Shiran Viraj

Myanmar to host tourism expo at the end of 2018

Shiran Viraj
Translate »