mediahumanrights.lk
Local News News

මහර පිපුරුම පිටුපස බන්ධනාගාර රෝහලේ ප‍්‍රධානියෙක්

මහර බන්ධනාගාරය යුද පිටියක් බවට පත්කරමින් පෙරේදා (29 වැනිදා) එහි ඇති වූ කැරලිකාරී තත්ත්වයට ප‍්‍රබල හේතුවක් වී ඇත්තේ එම බන්ධනාගාර රෝහලේ ප‍්‍රධානියකු දින කිහිපයක සිට රැඳවියන් තුළ නොසන්සුන් මානසිකත්වයක් ගොඩනැංවීම බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.

සිද්ධිය පිළිබද ගැඹුරින් විමර්ශනයක යෙදුණු බුද්ධි අංශ මගින් මේ බව අනාවරණය කරගෙන තිබේ.

p1 1මහර බන්ධනාගාර රෝහලේ අදාළ ප‍්‍රධානියා රටපුරා බන්ධනාගාර තුළ කොරෝනා පැතිරීම මුල් කරගෙන නිලධාරීන්ගේ පරිපාලනමය වැරදි නිසා මහර බන්ධනාගාරයට ද කොරෝනා පැතිරෙනු ඇතැයි පවසමින් දින කිහිපයක් තිස්සේ රැදවියන්ගේ මනසේ භීතියක් ඇතිකර තිබෙන බවද මේ වන විට අනාවරණය වී ඇත.

එසේ භීතියට පත් රැදවියන් බන්ධනාගාර නිලධාරීන් පිළිබද වෛරයකින් පසුවද්දී පෙරේදා මහර බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිතයන් 183 දෙනකු හඳුනා ගැනීමත් සමග මහර බන්ධනාගාරය තුළ මෙම පුපුරා යෑම සිදුවූ බව මේ පිළිබද අදහස් දැක්වූ උසස් බන්ධනාගාර නිලධාරියෙක් සදහන් කළේය.

මෙහිදී බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් සැලසුම් සහගත ලෙස ප‍්‍රකෝපකාරී වූ රැදවියන්ට මත්ද්‍රව්‍ය ලබා දෙමින් භයානක තත්ත්වයක් ඇති කිරීමට කටයුතු කර ඇතැයිද එම උසස් නිලධාරියා පැවසීය.

ප‍්‍රකෝපකාරී ලෙස හැසිරෙන්නට වූ මහර බන්ධනාගාර රැදවියෝ පෙරේදා පස්වරු 4.50 පමණ සිට ඊයේ (30දා) අලූයම දක්වා එහි ගොඩනැගිලිවලට ගිනි තබමින් විශාල විනාශයක් සිදු කළහ.

රැුඳවියන් එල්ල කළ ප‍්‍රහාරවලින් මහර බන්ධනාගාරයට සිදු වූ අලාභය මෙතෙක් ගණනය කර නොමැත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ප‍්‍රධානීන් සහ බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරිය ඇතුළු නිලධාරීන් කැදවා විශේෂ සාකච්ඡුාවක් පැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ද ඊයේ (30 වැනිදා) කටයුතු කර තිබිණි.

විශේෂ කමිටුවක් පත්කර සිද්ධිය පිළිබදව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා විසින් අධිකරණ ඇමැති අලි සබි‍්‍ර මහතාට එහිදී උපදෙස් දී ඇත.

රැුඳවියන් ගොඩනැගිලිවලට ගිනි තබමින් ප‍්‍රකෝපකාරීව හැසිරෙද්දී ඇතිවූ තත්ත්වය පාලනය කරගැනීමට බන්ධනාගාර නිලධාරීන් එල්ල කළ වෙඩි ප‍්‍රහාරවලින් රැදවියන් අට දෙනකු මියගොස් තිබුණු අතර තවත් 73 දෙනකු බරපතළ තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර තිබිණි.

මෙහිදී රැදවියන් විසින් පැය ගණනාවක් ප‍්‍රාණ ඇපයට ගෙන සිටි බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු ද බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත. එම නිලධාරීන් දෙදෙනාගේ තත්ත්වය ආසාධ්‍ය බව රාගම රෝහලේ ප‍්‍රකාහකයෙක් පැවසීය.

ප‍්‍රකෝපකාරීව හැසිරුණු ඇතැම් රැදවියන් බන්ධනාගාර රෝහලේ ඖෂධ ගබඩා කර ඇති ස්ථානයෙන් විවිධ ඖෂධ පෙති වර්ග අහුරු පිටින් රැගෙන පානය කර ඇති අතර තුවාල ලැබූවන් රෝහල්ගත කිරීමට රැගෙන යෑමේදී ඔවුන්ගේ සාක්කු තුළ තිබී එවන් පෙති වර්ග නිලධාරීන්ට හමුවී ඇතැයිද ඉහත උසස් බන්ධනාගාර නිලධාරියා සදහන් කළේය.

රෝහල්ගතව සිටින රැදවියන් අතරින් කිහිපදෙනකුගේ තත්ත්වය බරපතළ බවද ඉහත රෝහල් ප‍්‍රකාශකයා පැවසීය. ඊයේ දහවල් වන විට රෝහල්ගත කළ රැදවියන් අතරින් කිහිප දෙනකුටම ශල්‍යකර්ම සිදුකිරීමටද රාගම රෝහලේ වෛiවරුන් කටයුතු කර තිබිණි.

දැනට රෝහල්ගතකර සිටින රැදවියන් අතර සිටි කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 26 දෙනකු හදුනාගෙන ඇති අතර රෝහල්ගත කිරීමෙන් පසු ඔවුන්ට සිදුකළ රැපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂණ මගින් මේ බව තහවුරු වී තිබේ.

මෙම සිද්ධියත් සමග මහර බන්ධනාගාරයේ රඳවා සිටි රක්‍ෂිත බන්ධනාගාරගත කළ රැුඳවියන් 187 දෙනකු ඊයේ හවස කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයට රැුගෙන ඒමට බන්ධනාගාර බලධාරීන් කටයුතු කර තිබිණි. එම රැඳවියන් රිමාන්ඞ් බන්ධනාගාරයේ විශේෂිත ප‍්‍රදේශයක රඳවා සිටින අතර ඔවුන් සියලූ දෙනාම කොරෝනා ආසාදිතයන් වේ.

රැඳවියන් සිදු කළ ගිනි තැබීම්වලින් මහර බන්ධනාගාරයේ අධිකාරිවරයාගේ සහ සහකාර අධිකාරිවරයාගේ නිල කාර්යාල, අලූතින් ඉදිකරනු ලැබූ ගොඩනැගිලි කිහිපයක්, බන්ධනාගාර මුළුතැන්ගෙය, ආහාර ගන්නා ස්ථානය මෙන්ම මහර බන්ධනාගාර රෝහලේ අලූතින් ඉදිකළ ගොඩනැගිල්ලක්ද මුළුමනින්ම විනාශ වී තිබේ.

Related posts

ඩොලරය 360යි.. කළු කඩේ 450යි..

Shiran Viraj

‘‘එතුමා මට වඩා ක්‍රිකට් ගහලත් තියෙනවා, මම අර්ජුන රණතුංග. එයා නිකම්ම දයාසිරි. ක්‍රිකට් හදන්න කලින් තෙල් ප්‍රශ්නෙ විසඳන්න කියපු දයාසිිරිට අර්ජුන කියපු දේ. බලපෑම් ගැනත් කියයි.

Shiran Viraj

වසන්ත සමරසිංහ අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ…

Shiran Viraj