27.2 C
Colombo
2026-07-05
mediahumanrights.lk
BusinessBusiness NewsNews

දශ ලක්ෂ තිස්තුන්දාහක බිල් වෙන්දේසියක් හෙට

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් හෙට (03) දිනයේ දී රුපියල් දශ ලක්ෂ 33,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් පවත්වනු ලබන බව නිවේදනය කර සිටී.
මෙහිදී දින 182 පරිණත කාලයෙන් යුතු රු. දශ ලක්ෂ 16,000 ක බිල්පත් හා දින 364 පරිණත කාලයෙන් යුතු රු. දශ ලක්ෂ 17,000 ක බිල්පත් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ සඳහා රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ලබන අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලැබ ඇති විද්‍යුත් ලංසු ඉදිරිපත් කිරීමේ පහසුකම මගින් පමණක් ලංසු ඉදිරිපත් කළ යුතුවේ.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් කියා සිටින්නේ වෙළෙඳපොළ තත්ත්වයන් මත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වෙන්දේසියට ඉදිරිපත් කළ ප්‍රමාණයට වඩා වැඩි හෝ අඩු ප්‍රමාණයන් පිළිගනු ලැබිය හැකි බවයි.
(under the courtesy of adaderana news web)

Related posts

කවුරු කිව්වත් පොලිස්පති නොකරන වැඩේ

Shiran Viraj

නරක් වු මාළු කිලෝ 240ක් විනාශ කරයි

Shiran Viraj

හේමසිරි සහ පුජිත්ට අදාළ විමර්ශන අවසන් : CIDය අධිකරණයට දැනුම් දෙයි

Shiran Viraj
Translate »