26.6 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

අනුරපුර වඳුරාට බ්‍රිතාන්‍යයෙන් කළ පැමිණිල්ලට පොලිස් වාර්තාවක්

බ්‍රිතාන්‍ය ජාතික තරුණියකගේ ජංගම දුරකථනය පැහැරගත් වඳුරාට එරෙහිව අනුරාධපුර සංචාරක පොලීසිය මගින් පොලිස් වාර්තාවක් නිකුත් කර තිබෙනවා.
ඒ, අදාළ බ්‍රිතාන්‍ය ජාතික තරුණිය සිදුකළ පැමිණිල්ල සැළකිල්ලට ගනිමින්.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෙද පුහුණුව ලබන 26 හැවිරිදි නිකෝන් පැරනික් නැමති බ්‍රිතාන්‍ය ජාතික තරුණිය අනුරාධපුර සංචාරක පොලීසියට පෙරේදා පැමිණිලි කළේ තමන්ගේ රුපියල් 55000 ක් වටිනා ජංගම දුරකථනය වඳුරෙකු විසින් පැහැරගත් බවටයි.
ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකළ අනුරාධපුර සංචාරක පොලීසිය වඳුරා විසින් මෙම ජංගම දුරකථනය පැහැරගෙන ඇති බවත්, ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකළ බවත් සඳහන් කරමින් බ්‍රිතාන්‍ය ජාතික තරුණිය වෙත අදාළ පොලිස් වාර්තාව නිකුත් කර තිබෙනවා.
(under the courtesy of hirunews news web)

Related posts

මීට පස්‌සේ අංජු කියන්න එපා…

Shiran Viraj

යළි ලබාගත නොහැකි අයුරින් බලයක් උතුරු මහඇමති ඉල්ලයි

Shiran Viraj

සල්ලි කැපෙන්නේ නැති SMS එකකින් කොවිඩ් වලින් බේරෙන්නේ මෙහෙමයි

Shiran Viraj
Translate »