27.8 C
Colombo
2026-02-11
mediahumanrights.lk
Local NewsNewsPolitical

අර්බුද මැද අලුත් අවුරුද්දට පසු ඇමැති මාරුව එයි

එළැඹෙන සිංහල අලුත් අවුරුදු සමයෙන් පසු කැබිනට්‌ මණ්‌ඩල සංශෝධනයක්‌ සිදු කිරීමට අපේක්‍ෂාවක්‌ පවතින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහ ඇමැතිවරුන් සහ පළාත් ඇමැතිවරුන් හමුවේ ප්‍රකාශ කර ඇත.
පළාත් පාලන ඡන්දයත් උතුරු මැද, සබරගමුව සහ නැඟෙනහිර පළාත් සභා මැතිවරණයත් මේ වසර තුළ පැවැත්වීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.
දැනට පවතින නීතිමය තත්ත්වය තුළ එම ඡන්දයන් පැවැත්වීමට කටයුතු කරන බවත් එම සියලු මැතිවරණ ජයග්‍රහණය කිරීමට එකාවන්ව සියලු ශ්‍රීලනිප පාක්‍ෂිකයන්ගේ සහාය අපේක්‍ෂා කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත් ශ්‍රීලනිප මහ ඇමැතිවරු හත්දෙනා සහ රැස්‌ව සිටි ඇමැතිවරුන් අමතමින් ජනාධිපතිවරයා තව දුරටත් ප්‍රකාශ කර ඇත්තේ මෙතන සිටින අයගෙන් පිරිසක්‌ තමන් සමඟ සෘජුවම සිටින බවත්, තවත් පිරිසක්‌ තමන් සමඟ නැති බවත්, තවත් පිරිසක්‌ සිදුවෙන්නේ කුමක්‌ ද යන්න බලමින් අතර මැද ඉන්නා බවත්ය.
ජනපති නිල නිවසේදී ඊයේ (27 දා) රාත්‍රි පැය දෙකක්‌ පමණ පැවැති මෙම සාකච්ඡාවේදී රටේ දේශපාලන තත්ත්වයත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ඉදිරි ගමනත් පිළිබඳව ප්‍රධාන වශයෙන් සාකච්ඡා සිදුවී ඇත. එහිදී මහ ඇමැතිවරු 7 දෙනා ද ඇමැතිවරුන් කිහිප දෙනකු ද ජනාධිපතිවරයා හමුවේදී එහිදී අදහස්‌ දක්වා ඇත.
රුසියානු සංචාරයෙන් ශ්‍රී ලංකාවට අත් වූ දේශපාලන සහ ආර්ථික වාසි පිළිබඳව ද ජනාධිපතිවරයා එම හමුවේදී විශේෂ කරුණු දැක්‌වීමක්‌ සිදු කර ඇත.
am.lk

Related posts

තේ කර්මාන්ත ශාලා 26 ක් විනාශයි – පාඩුව කෝටියයි

Shiran Viraj

ලංකාවේ ළමයින් 50%ක් බඩගින්නේ…- UNICEF

Shiran Viraj

කැරට් කිලෝව තෝර, තලපත් මිල පන්නයි..

Shiran Viraj
Translate »