mediahumanrights.lk
Entertainment Entertainment News News

එරංග පෙම්වතෙක්‌ලු…!

Öමේ දවස්‌වල කාර්ය බහුලයි වගේ
ඇත්තටම ඔව්. අවිවේකය මැද වුණත් හොඳින් කල්ගෙවනවා.
Öඅවිවේක වෙන්න හේතුව කියමුකො
සංජය නිර්මාල්ගෙ “ප්‍රාණ” ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙලා වැඩ කරගෙන යනවා. “ප්‍රාණ” කියන්aනේ කාලෙකට පස්‌සෙ මට ලැබුණ හොඳ නිර්මාණයක්‌.
Öඒ කියන්නේ ඔබ නරක නිර්මාණවලටත් සම්බන්ධ වුණ කෙනෙක්‌
නෑ. නෑ…. හොඳයි කියලා මම අදහස්‌ කළේ, මේ නාට්‍යයේ විශේෂයක්‌ තියෙනවා. ඒ තමයි ජීවත් වීම සහ මරණය වගේම පුනරුත්පත්තිය පිළිබඳවත් බුදු දහම ගැනත් මේ නිර්මාණය තුළින් හොඳ අවබෝධයක්‌ ලබා ගන්න හැකි වීම.
Öඒ ඇරුණම
ඒ ඇරුණම සුමිත් මාලිංග මහත්මයගෙ නිදහසේ පියා ඩී. එස්‌. චිත්‍රපටයට දායක වෙලා ඩී. ආර්. විජයවර්ධනයන්ගේ චරිතයට පණ දෙමින් කටයුතු කරනවා.
Öඔබ අද පූර්ණ කාලීන රංගන ශිල්පියෙක්‌?
නැහැ. මම ඇලෙක්‌සැන්ඩර් හෝල්ඩින්ග්ස්‌ කියලා පුද්ගලික ආයතනයකට සම්බන්ධ වෙලා ඉන්න අතරතුරයි රංගන කටයුතුවලට දායක වෙන්නෙ.
Öඒ දායකත්වය රැකියාවට බාධාවක්‌ නෙමෙයිද?
ඇත්තම කියනවා නම් රංගන කටයුතුවලට දායක වෙන්න මට උපරිම නිදහස ලැබෙනවා. ඒත් ඒ ලැබෙන නිදහසෙන් අයුතු විදියට ප්‍රයෝජන ගන්න තියන අකමැත්ත නිසා මම ලැබෙන හැම නිර්මාණයක්‌ම බාර ගන්නේ නෑ.
Öඅද දවස වන විට ඔබේ රංගන දායකත්වය තෝරා බේරා ගත් නිර්මාණවලට පමණද?
එහෙම නොකළොත් මේ දෙකම මට හරියට කර ගන්න බැරි වෙනවා. රැකියාව කරන අතරේ මට යමක්‌ කළ හැකි නිර්මාණයක්‌ ලැබුණොත් භාරගෙන ඒ සඳහා කැප වෙමින් උපරිම සාධාරණය ඉටු කරනවා.
Öඩී. ආර්. විජයවර්ධන කියන්නේ අපේ රටේ පුවත්පත් කලාවට මහඟු මෙහෙවරක්‌ ඉටු කළ ප්‍රබල චරිතයක්‌. එවැනි චරිතයක්‌ නිරූපණය කිරීමට ලැබීම ගැන ඔබේ අදහස
ඒක මම රංගන ජීවිතයේ ලබපු භාග්‍යයක්‌ හැටියටයි සලකන්නෙ. ඒ එක්‌කම මට ලැබුණ අභියෝගයක්‌.
Öඒ අභියෝගය ජයගත් බවක්‌ ඔබට හැඟෙනවද?
ලැබුණු ගුරුහරුකම්වලට අනුව මම කළ කැපවීම නිසා මට එහෙම හිතෙනවා. ඒත් ප්‍රේක්‌ෂක ප්‍රතිචාරත් මේකට අදාළ වෙනවනෙ.
Öඅද තරුණ පරම්පරාව වැඩිපුර කැමැති පෙම්වතුන්ගේ චරිත හරහා ප්‍රේක්‌ෂකයන්ගේ ආදරයට ලක්‌ වෙන්aන. එවැනි පසුබිමක ඔබ,
රංගන ශිල්පියෙක්‌ හෝ ශිල්පිනියක්‌ වුණාම මට ඒ චරිතෙ බෑ මේ චරිතෙ බෑ කියලා හරියන්නෙ නෑ. ලැබෙන ඕනම චරිතයක්‌ නිරූපණය කිරීමට හැකියාව තිබිය යුතුයි. ඩී. ආර්. විජයවර්ධනයන්ගෙ චරිතය රඟපෑව වගේ මට පෙම්වතාගේ චරිතෙන් රඟපාන්න පුළුවන්a.
Öපුළුවන් නෙමෙයි එරංග මේ දවස්‌වල පෙම්වතාගේ චරිතෙ තිතටම රඟපානවා කියල නම් ආරංචියි.
ඔය කියන ආරංචියෙ හැටියට රඟපාන්න මගේ සැබෑ ජීවිතේ ටෙලිනාට්‍යයක්‌වත් චිත්‍රපටයක්‌වත් නෙමෙයි හොඳේ.
Öඇය ප්‍රසිද්ධ චරිතයක්‌ලු නේද?
මං හිතන් නෑ ප්‍රසිද්ධ චරිතයක්‌ මට කැමැති වෙයි කියලා.
Öආදර කතාව අහනවට අකමැතියි වගේ
නෑ එහෙම එකක්‌ නෑ. මෙහෙම ලියා ගන්නකො. මට ආදරයක්‌ ලැබිලා තියෙනවා. ඒ ආදරය වෙලාවකට බොහොම ආදරයෙනුත් වෙලාවකට හැල හැප්පීම් මැද්දෙත් සුන්දරව පවත්වා ගෙන යනවා.
Öඒත් තාම ආදරවන්තිය කවුද කියලා කිව්වෙ නෑනෙ
අයියෝ…. කාගේ කවුද උසද කොටද කළුද සුදුද ජාතිය ආගම, කුලය ගැන සියලු විස්‌තර ඉදිරියේදී කියන්නම්.
Öඅවසාන වශයෙන් කියන්නකො රැකියාවෙන් සහ රංගන කටයුතුවලින් මිදුන වෙලාවට මොනවද කරන්නෙ කියලා.
ඒ දෙකෙන්ම මිදුන වෙලාවටද, ගොඩක්‌ දේවල් කරන්න ප්ලෑන් පිට ප්ලෑන් ගහනවා. ඒත් ඒ එකක්‌වත් ක්‍රියාත්මක කරන්න ඇත්තටම වෙලාවක්‌ නැති නිසා ලැබෙන දෙයක්‌ කාල පොඩ්ඩක්‌ ඇල වෙනවා.
(දිවයින පුවත්පත ඇසුරෙනි)

Related posts

ගෑස් මිල ඉහල දමයි.. නව මිල ගණන් මෙන්න…

Shiran Viraj

නිවස අසළ ඔන්චිල්ලාවේ පැටලී දරුවා මරුට (PHOTOS)

Shiran Viraj

රුධිර පරීක්ෂණ ගාස්තුවත් අද සිට පහලට

Shiran Viraj