mediahumanrights.lk
Local NewsNews

විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් බී එම් එස් බටගොඩ අත්අඩංගුවට ගැනීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය අද (22) වරෙන්තු නිකුත් කළා.
ඒ, හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොණුකර ඇති නඩු දෙකක් සම්බන්ධයෙන් සාක්‍ෂි ලබාදීමට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්.
මෙම නඩු දෙක සදහා සාක්‍ෂි ලබාදීමට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට මීට පෙර නොතීසි නිකුත් කර තිබුණා.
එහෙත් සාක්‍ෂි ලබාදීම සදහා ඔහු අධිකරණය හමුවේ පෙනි නොසිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.
ලබන ජුනි මස 9 වනදා මෙම නඩු දෙක නැවත කැදවීමට දින නියම කෙරුණා.
(under the courtesy of nethfm news web)

Related posts

මගේ ජීවිතයේ මඟ පෙන්වන්නෝ හරිම අඩුයි ජනප්‍රිය සම්මානීය නිළි දිල්හානී අශෝකමාලා

Shiran Viraj

දුමින්ද සිල්වා අත්අඩංගුවට ගනී..

Shiran Viraj

උද්ධමනය ඉතිහාසයේ වැඩිම අගයට… රජයේ වාර්තාව මෙන්න..

Shiran Viraj
Translate »