mediahumanrights.lk
International News News

ශ‍්‍රී ලංකාවට එරෙහි වන්නැයි ඉන්දීය දේශපාලන පක්ෂයකින් අගමැති මෝදිට බලපෑම්

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ඉන්දීය රජය බලපෑම් කළ යුතු බව ඒ.අයි.ඒ.ඞී.එම්.කේ පක්ෂය පවසනවා.
එහි නායක වී මෛත‍්‍රීයන් එරට පාර්ලිමේන්තුව හමුවේ අදහස් දක්වමින් සඳහන් කළේ ජිනීවා මානව හිමිකම් කොමිසමට අමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක් ඉදිරිපත් කළ යෝජනාවට විරෝධය පලකල යුතු බවයි.
ශ‍්‍රී ලංකාව යුද්ධය අවසන් කර වසර 08 කට ආසන්න කාලයක් ගත වුව ද එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් මෙතෙක් විධිමත් විමර්ශනයක් සිදු කර නැහැ.
එම නිසා ශ‍්‍රී ලංකාවට තවත් වසර දෙකක කාලයක් ලබා දීම පල රහිත බවයි ඒ.අයි.ඒ.ඞී.එම්.කේ පක්ෂ නායක වී මෛත‍්‍රීයන් පෙන්වා දුන්නේ.
ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනතාවට සාධාරණයක් ඉටු කිරීම ස`දහා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැදිහත් විය යුතු බව ද ඔහු එහි දී අවධාරණය කලා.
(under the courtesy of nethfm news web)

Related posts

2021 අයවැය නොවැම්බර් 17වනදා පාර්ලිමේන්තුවට

Shiran Viraj

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගොඩනැගිල්ලක් සරසවි සිසුන් අත්පත් කර ගනී (PHOTOS)

Shiran Viraj

කලපුවල කකුළුවන් වගා කිරීමට නව ව්‍යපෘතියක් ඇරඹේ

Shiran Viraj