mediahumanrights.lk
Local NewsNews

සීනි මිල රු 17 කින් නගී

විවෘත වෙළෙඳපොළේ රුපියල් 93ක්ව පැවැති සීනි කිලෝවක සිල්ලර මිල රුපියල් 110 දක්වා රුපියල් 17කින් ඉහළ ගොස් තිබේ. පාරිභෝගික කටයුතු අධිකාරිය දන්වා ඇත්තේ මෙතෙක් ශත 25 ක්ව පැවැති සීනි කිලෝවක ආනයන බද්ද රුපියල් 13 දක්වා ඉහළ දැමීම නිසා ඉකුත් ජනවාරි 27දා නිකුත් කළ ගැසට් නිවේදනයේ පරිදි රුපියල් 93ක් වූ උපරිම සිල්ලර මිලකට සීනි කිලෝවක් අලෙවි කළ නොහැකි බැවින් මෙසේ සීනි මිල ඉහළ ගොස් ඇති බවයි.
රුපියල් 93ක් වූ උපරිම සිල්ලර මිලට අදාළ ගැසට් නිවේදනය අවලංගු කළ පසු පිටකොටුව තොග වෙළඳ පොළේ සීනි කිලෝවක තොග මිල රුපියල් 98-100ත් අතර පවතින අතර ඊට සාපේක්ෂව සීනි කිලෝවක සිල්ලර මිලද මෙසේ ඉහළ ගොස් ඇත.

Related posts

කොට්ටාවේ තරුණියගේ ඝාතනය ගැන සැකකරු පාපොච්චාරණයක

Shiran Viraj

තැපෑල පුද්ගලීකරණයට.. ඔන්ලයින් ඩිලිවරි වලට මුල් තැන…

Shiran Viraj

ජොන්ස්ටන් ඇප මත නිදහස්…

Shiran Viraj
Translate »