mediahumanrights.lk
Local NewsNews

කටුනායක ගුවන් තොටුපොළේ සීමාවන් කිහිපයක්

කොවිඩ් – 19 හේතුවෙන් ගම්පහ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය පැනවීමත් සමග කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ යම් සීමා කිරීම් කිහිපයක් සිදු කිරීමට ගුවන් තොටුපොළ බලධාරීන් තීරණය කර තිබේ.

ඒ අනුව කටුනායක ගුවන් තොටුපොළේ පිටත්වීමේ සහ පැමිණීමේ පර්යන්ත තුළ ඇති තීරුබදු රහිත සාප්පු සංකීර්ණ වෙත ඊයේ (4 වැනිදා) දහවල් 12 සිට ගුවන් මගීන්ට පිවිසීම යළි දැනුම් දෙනතුරු අත්හිටුවා තිබේ.

ඊට අමතරව ගුවන් තොටුපොළ තුළ පිහිටි පැමිණීමේ පර්යන්තය ආලින්දයට සහ පිටත්වීමේ පර්යන්තයේ ආලින්දයට ගුවන් මගීන් සමග පැමිණෙන අමුත්තන්ට පිවිසීම මෙන්ම ගුවන් තොටුපොළේ මහජන ප්‍රේක්ෂක මණ්ඩපයද නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

lanka lead news

Related posts

මාස 03කට පසු පිටියට පිවිසි මැතිව්ස්ගේ ඉනිම ලකුණු 04න් අවසන්

Shiran Viraj

මට ලැබෙන හැම නිර්මාණයක්ම අභියෝගයක්

Shiran Viraj

ගුරුවරියකට කොරෝනා වැළඳීමෙන් පාසලක් වසාදමයි… සිසුන් 1500ක් අවධානමේ

Shiran Viraj
Translate »